එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ලාෆ්ස් ගෑස් (Laugfs Gas) පාරිභෝගිකයින් වෙත කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. ලාෆ්ස් ගෑස් සමාගම විසින් මේ පිළිබඳව එම අධිකාරිය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.
මෙලෙස ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇත්තේ ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 06 වනදා හම්බන්තොට වරායට පැමිණීමත් සමඟය. එම තොග මේ වන විට ගොඩබෑමේ සහ සිලින්ඩර සඳහා පිරවීමේ කටයුතු අවසන් කර ඇති බැවින්, දිවයින පුරා පවතින අලෙවි නියෝජිත මධ්‍යස්ථාන වෙත අද සිට ගෑස් බෙදාහැරීම සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සහතික විය.














