ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (19) අධිකරණය හමුවේ විශේෂ කරුණු අනාවරණය කළේය. සැකකාරිය ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් කඩවත ප්‍රදේශයේ බැංකුවක ගිණුම් අටක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදු කර ඇති බවත් CIDය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට දැනුම් දුන්නේය.
මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ බැංකු ගිණුම් පිළිබඳව වහාම පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. මීට අමතරව, සිද්ධියට සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෙසු සැකකරුවන් තිදෙනා ලබන මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය.
එසේම, මෙම ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු වන මහේෂ් ඔබේසේකර සන්තකයේ තිබී සොයාගත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට ද පොලිසියට අධිකරණ අවසරය හිමි විය. නඩුව යළි කැඳවීම ලබන මස 05 වැනිදාට නියමිතය.














