ලෙබනනයේ බීරූට් අගනුවරට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනය තුළ සිය මෙහෙයුම් දැඩි කර ඇති අතර, මෙමගින් හිස්බුල්ලා සංවිධානයට සහ ලෙබනන රජයට දැඩි පීඩනයක් එල්ල කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබේ.














