ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 886 දෙනෙකු මියගොස් 2,141 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. පවතින දරුණු ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන්ට සහන සැලසීමට වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ද මෙම ප්‍රහාර එල්ල වී තිබේ. වාර්තාවලට අනුව මාර්තු 02 වනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇත. මෙය එරට සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට සෘජුවම බලපා ඇති බව සඳහන් වේ.
ප්‍රහාර හමුවේ සිය ආරක්ෂාව පතා දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් උන්හිටිතැන් අහිමිව අවතැන්ව සිටිති. ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශ සහ බීරූට් අගනුවර ආශ්‍රිතව මෙම ප්‍රහාරාත්මක තත්ත්වය වඩාත් දරුණු වී ඇති බව නිරීක්ෂණය වේ.














