මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක පමණ පිරිසක් මේ වන විට අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර ඇති වූ සෘජු ගැටුම් මෙම දැවැන්ත අවතැන්වීමට ප්‍රධානතම හේතුව වී තිබේ.
ලෙබනනයේ සමාජ කටයුතු අමාත්‍ය හනීන් සයිඩ් (Haneen Sayed) ප්‍රකාශ කරන පරිදි, පවතින තත්ත්වය හමුවේ අවතැන් වූවන් සඳහා රජයේ නවාතැන් මධ්‍යස්ථාන 560ක් මේ වන විට විවෘත කර ඇත. දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් දහස් ගණනක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටිති.
ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර දේශසීමා ආශ්‍රිතව සිදුවන මිසයිල සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව ඇති අතර, මෙය ඉදිරියේදී බරපතල මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර සහන සංවිධාන අනතුරු අඟවයි.














