මැදපෙරදිග කලාපීය යුද්ධය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට පැමිණෙමින්, ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම මෙහි අරමුණයි. මේ අතර, ඉරානයට එරෙහිව දියත් කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ, ඉරානයට එල්ල කිරීමට නියමිත “දරුණුතම ප්‍රහාර” (Hardest Hits) තවමත් ක්‍රියාත්මක කර නොමැති බවයි. ඉරානයේ ප්‍රධාන බලශක්ති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඉදිරි පැය කිහිපය තුළ පෙර නොවූ විරූ මට්ටමේ ප්‍රහාර මාලාවක් එල්ල වනු ඇති බවට වොෂින්ටනය ඉඟි කර සිටියි. මෙම තත්ත්වය හමුවේ මුළුමනින්ම කලාපීය යුද්ධයක් කරා ලෝකය තල්ලු වෙමින් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














