පසුගිය මාර්තු 02 වැනිදා සිට ලෙබනනය ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රබල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,072 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 2,966 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගතවූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් 90 දෙනෙකු තුවාල ලබා තිබේ. බීරූට් නුවර දකුණුදිග ප්‍රදේශ මෙන්ම නබාතිහ්, ටයර් සහ සිදොන් වැනි ප්‍රධාන නගර රැසක පිහිටි නේවාසික ගොඩනැගිලි වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ සිට බීරූට් නුවර තදාසන්න ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර හතකින් හෙස්බොල්ලා සංවිධානයේ යටිතල පහසුකම් විනාශ වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා සඳහන් කළේය. එසේම ලිතානි ගඟ හරහා ඉදිකර තිබූ වැදගත් පාලමක් වන ‘දලාෆා’ පාලනය ද ප්‍රහාර හමුවේ විනාශ වී ඇති අතර, බින්ට් ජබෙයිල් ප්‍රදේශයේදී හෙස්බොල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල ගොඩබිම් හමුදා අතර දරුණු ගැටුම් ඇවිළී තිබේ. මෙම උග්‍ර තත්ත්වය පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇරඹුණු ඉරාන-ඇමෙරිකානු යුදමය වාතාවරණයේ තීරණාත්මක ව්‍යාප්තියක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ හඳුන්වා දෙති.














