වසර 39කට පසුව එංගලන්ත FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ලීඩ්ස් යුනයිටඩ් (Leeds United) කණ්ඩායම ඊයේ (05) සමත් විය. වෙස්ට් හැම් යුනයිටඩ් (West Ham) කණ්ඩායම සමඟ පැවැති අතිශය තියුණු අර්ධ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය දඬුවම් පහර 4-2ක් ලෙස ජයග්‍රහණය කරමින් ඔවුන් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.
තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයේ පසු විය. ලීඩ්ස් පිල වෙනුවෙන් ආඕ ටනකා (Ao Tanaka) සහ ඩොමිනික් කැල්වර්ට්-ලෙවින් (Dominic Calvert-Lewin) ගෝල වාර්තා කළ අතර, වෙස්ට් හැම් පිල වෙනුවෙන් මැටියස් ප්‍රනාන්දු (Mateus Fernandes) සහ ඇක්සල් දිසාසි (Axel Disasi) ගෝල ලබා ගනිමින් තරගය සම කළහ. දඬුවම් පහර වටයේදී ලීඩ්ස් ගෝල රකින ක්‍රීඩක ලූකස් පේරි (Lucas Perri) දැක්වූ දක්ෂතා ජයග්‍රහණයට තීරණාත්මක විය.
ලීඩ්ස් යුනයිටඩ් කණ්ඩායම අවසන් වරට FA කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකට ක්‍රීඩා කර ඇත්තේ 1987 වසරේදීය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් එළඹෙන අප්‍රේල් අග භාගයේදී වෙම්බ්ලි (Wembley) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල චෙල්සි (Chelsea) කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.













