• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ ක්‍රීඩා ඇතුළත් තිබ්බොත් නීතිමය ක්‍රියාමාර්ග – ඇමැති විදුර

6 April 2024
in දේශීය, පුවත්
පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

එමෙන්ම අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය එහිදී සඳහන් කළාය.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.

අධ්‍යාපන අමාත්‍යංශ පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6,602
Previous Post

උරුමය වැඩසටහනට හැමෝගේම සහාය අවශ්‍යයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

Next Post

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාවේ බැන්ක්ස්ටවුන් රෝහලෙන්  පලාගිය රැඳවියෙකු සෙවීමේ මෙහෙයුම්

ඕස්ට්‍රේලියාවේ බැන්ක්ස්ටවුන් රෝහලෙන් පලාගිය රැඳවියෙකු සෙවීමේ මෙහෙයුම්

9 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  පිළිබඳ චීනය සහ රුසියාවෙන්  ආරක්ෂක මණ්ඩලයට  ඒකාබද්ධ නව කෙටුම්පතක්

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනය සහ රුසියාවෙන් ආරක්ෂක මණ්ඩලයට ඒකාබද්ධ නව කෙටුම්පතක්

9 April 2026
ඉන්දියාවේ බැංකු කොටස්  මිලදී ගැනීමට මෙය  කදිම අවස්ථාවක් බව බැංකු ඔෆ්  ඇමරිකා ආයතනය පවසයි

ඉන්දියාවේ බැංකු කොටස් මිලදී ගැනීමට මෙය කදිම අවස්ථාවක් බව බැංකු ඔෆ් ඇමරිකා ආයතනය පවසයි

9 April 2026
ප්‍රතිසංස්කරණය කළ  උතුරු දුම්රිය මාර්ගය  අද සිට යළි විවෘත වෙයි

ප්‍රතිසංස්කරණය කළ උතුරු දුම්රිය මාර්ගය අද සිට යළි විවෘත වෙයි

9 April 2026

Recent News

තුර්කියේ LGBTQ+ ක්‍රියාකාරීන්  11 දෙනෙකුට එරෙහිව අසභ්‍යත්වය යටතේ නඩු පවරයි

තුර්කියේ LGBTQ+ ක්‍රියාකාරීන් 11 දෙනෙකුට එරෙහිව අසභ්‍යත්වය යටතේ නඩු පවරයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II මෙහෙයුමේ නියැලෙන  ජෙරමි හැන්සන් සමඟ  කැනේඩියානු අගමැති  මාර්ක් කාර්නි සුහද පිළිසඳරක

Artemis II මෙහෙයුමේ නියැලෙන ජෙරමි හැන්සන් සමඟ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සුහද පිළිසඳරක

9 April 2026
තම ක්‍රෙඩිට් කාඩ්පතින්  ඩොලර් 60,000ක් සොරකම් කළ  පිරිසට එරෙහිව  කාඩි බී  දැඩි තීරණයක

තම ක්‍රෙඩිට් කාඩ්පතින් ඩොලර් 60,000ක් සොරකම් කළ පිරිසට එරෙහිව කාඩි බී දැඩි තීරණයක

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved