• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරමු – ජනපති

27 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් ඊෆය් (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව 75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව පෙබරවාරි 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

මේ සදහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත්, ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අපි හැත්තෑපස් වන නිදහස් දිනය සැමරිය යුතුයි. අපි එය සිදු නොකළහොත් ලෝකය කියයි අපට නිදහස් සැමරුමක්වත් පවත්වන්න බැහැ කියලා. ඒ වගේම අපිට සංචාරකයන් වගේම, ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍යයි. අපේ රට ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනගන්න ඕන. ඒ නිසා වියදම් උපරිමයෙන් සීමා කර, අපි මේ නිදහස් දිනය සමරමු. නිදහස් දින සැමරුමට සමගාමීව නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඩුබායිවල පැවැත්වෙන දේශගුණික සමුළුට (COP28) සහභාගීවීමට පෙර අපි එහි කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමටත් නියමිතයි. ඊට අදාළ නීති සම්ම්ත කරගෙන වැඩකටයුතු ආරම්භ කරන විට අගෝස්තු මාසය පමණ විය හැකියි. ඒ වගේම රටට දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබෙන දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. කොහොමටත් මේ කටයුතු සඳහා මුලුමනින්ම වියදම් කිරීමට මහා භාණ්ඩාගාරයට මුදල් නැහැ. ඒ නිසා ප්‍රධාන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සිදු කරන ගමන් තමයි අනෙකුත් කටයුතු ගැන අවධානය යොමු කරන්න වෙන්නේ.

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පාලාත් පාලන, ආරක්ෂක, විදේශ කටයුතු, අධ්‍යාපන, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය, මුදල් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ මහා භාණ්ඩාගාරය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

2022 තරම් අසීරු කාලයක් නැවත් රට තුළ ඇති වෙන එකක් නෑ – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

යල කන්නයේ හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

editor

editor

Next Post

යල කන්නයේ හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved