• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුපන් පරපුර වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලෙස අපේ දායකත්වය දෙගුණ කරමු – මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද

2 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නූපන් පරපුර වෙනුවෙන් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සිය දායකත්වය දෙගුණ කිරීමට ආරාධනා කරන බවත්, අද දවසේ ගන්නා වේදනාත්මක තීන්දු යහපත් අනාගත පරපුරක් නිර්මාණය කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ 2023 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම අද (02) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

හෙතෙම පෙන්වා දෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ දී දශක ගණනාවක් තිස්සේ පැවැති අඩුලුහුඩුකම්වල ප්‍රතිඵල අද රට පත්ව ඇති තත්ත්වයට හේතුව බවයි. මූල්‍ය විනයක් නොමැතිකම මෙම තත්ත්වයන්ට ප්‍රධාන හේතුව බව පෙන්වා දුන් සිරිවර්ධන මහතා කියා සිටියේ 2023 වසරේ දී සිය දායකත්වය දෙගුණකින් ලබා දෙන ලෙස රටේ හදවත බදු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එම අවස්ථාව අමතමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

“රාජ්‍ය සේවකයන් වන අපට මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයක්. 2022 වර්ෂය ඉතා සංකීර්ණ, ඉතා ගැඹුරු, ආර්ථික අර්බුදයක් මේ රට තුළ ඇති කළ වර්ෂයක්. ඒක වර්ෂයක හෝ දෙකක ඇති වෙච්ච තත්ත්වයක් විදියට ගන්නවට වඩා මම කැමැතියි අපේ රටේ දශක ගණනාවක් තිස්සේ විශේෂයෙන් ම ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ තිබුණ අඩුලුහුඬුකම් තුළින් මතු වෙලා පහුගිය අවුරුදු දෙක හෝ තුන ඇතුළත වඩාත් තීව්‍ර වුණ අර්බුදයක් කියල නිර්වචනය කරන්න. මම විශ්වාස කරන විදියට මේ අද ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව දුර්වල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියල කියන්න බිය විය යුතු නෑ. මම හැම තැන ම කියල තියෙනවා, කැබිනට් මණ්ඩලයටත් කියල තියෙනවා රාජ්‍ය මූල්‍ය අංශයේ දුර්වලතාව නිසා තමයි රට මේ තත්ත්වයකට ඇවිල්ල තියෙන්නෙ කියල. අපි හැම දාම අඩුවෙන් ආදායම අරගෙන වැඩියෙන් වියදම් කළා. අපි කවුරුත් හිතුවෙ නෑ අපට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චර ද අපි මේකට මූල්‍ය ශික්ෂණයක් හදා ගන්න ඕනෙ නේද කියල. මූල්‍ය විනයක් නොමැතිකම තමයි මේ තිබෙන ප්‍රශ්නයට ප්‍රධාන හේතුව. නමුත් ඒක විතරක් කියල මම කියන්නෙ නෑ. අපි ගෙදරක ආර්ථිකයක් ගත්තොත් අපට වියදම වැඩි නම් අපි වියදම අඩු කර ගන්න ඕනෙ. ආදායම අඩු නම් ආදයම් වැඩි කර ගන්න ඕනෙ. අපට ණය ගන්න බැරි නම් අපි තියෙන ප්‍රමාණය කළමනාකරණය කර ගන්න ඕනෙ. ඒ ශික්ෂණය අපි හදා ගන්න ඕනෙ. ගෙදර ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයටත් ඒක පොදුයි. කුමන හෝ හේතුවක් නිසා අපි දැන් මේ අර්බුදයට මුහුණ දීල ඉන්නෙ. ඒක ආර්ථික අර්බුදයක් විදියට ඇවිල්ල, සමාජ අර්බුදයක් දක්වා ගිහින් දේශපාලන අර්බුදයක් වෙලා අවසානයේ මුළු රාජ්‍ය තන්ත්‍රයම පරිපාලන වෙනසක් දක්වා ගියා. අපි තාමත් ඉන්නෙ ඉතාම ගැඹුරු තත්ත්වයක. අපි ජනතාවට ඉන්ධන දෙනව වෙන්න පුළුවන්. ගෑස් දෙනව වෙන්න පුළුවන්, පෝලිම් නැති වුණා වෙන්න පුළුවන් වුණත් අපි රාජ්‍ය මූල්‍ය පැත්තෙන් බලද්දි ඉතාම ගැඹුරු තැනක ඉන්නෙ. ඒ නිසා අපි 2022 වසරේ දී ගත්ත ප්‍රතිපත්ති, විශේෂයෙන් ම මැයි මාසෙ ගත්ත බදු ප්‍රතිපත්ති තීන්දු, අගෝස්තු මාසෙ කරපු වෙනස්කම් අපි ක්‍රියාත්මක කළ යුතුයි. 2023 වසර සඳහා වූ අයවැය තුළින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට ඉදිරිපත් කළේ රටට අලුත් දැක්මක්. සමහර විට ඒව ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. එතුමා කිවුවෙ ඒව ජනප්‍රිය තීරණ නොවුණත් ඒවා නොගැනීමේ තීරණ තමයි අපි භුක්ති විඳින්නෙ කියල. ජනප්‍රිය නොවුණත් හරි තීරණ අරගෙන ඉදිරියට යන්න ඕනෙ කියන එක තමයි එතුමාගේ දර්ශනය. අපි දන්නව පසුගිය කාලෙට වඩා අපි දැන් ගන්න තීරණ වෙනස් වෙලා තියෙනවා. සමහර දේවල් දැඩි තීරණ වෙලා යනවා. ඒව ජනප්‍රිය නොවෙන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශය විදියට නෙවෙයි රටක් විදියට ගත්තත් අපි යම් ප්‍රමාණය කැප කිරීමක් කරනව නම් ඒ මත තමයි අනාගතය තීරණය වෙන්නෙ. අද අපි මේ තීරණ නොගෙන හිටියොත් අපට ඉදිරියට යන්න හැකි වෙයි ද කියන ගැටලුව මතු වෙනවා. අද මෙතන ඉන්න පිරිස නෙවෙයි අපේ දරුවො ඉන්නවා, නූපන් පරපුරක් ඉන්නවා. ඔවුන්ට රටක් ඉතුරු විය යුතු යි. ඒ වගකීම මේ මොහොතේ රැඳල තියෙන්නෙ රටේ හදවත වගේ තියෙන මුදල් අමාත්‍යාංශයේ ඉන්න සේවක සේවිකාවන් අතේ කියන එකයි මගේ අදහස. ඒ නිසා 2023 වර්ෂයේ රාජකාරී ආරම්භ කරන මොහොතේ ඔබතුමාලගේ හදවත්වල මම මේ කාරණාව ලියවන්න කැමැතියි. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විදියට අපේ උරමත ඉතිහාසයේ නොවූ විරූ වගකීමක් පැවරිලා තියෙනවා. ජනාධිපතිතුමා, මහබැංකුව සහ රාජ්‍ය මූල්‍ය අංශය පිළිබඳ තීන්දු තීරණ ගත හැකි පාර්ශ්ව ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම අප සතුයි. අපට කරන්න තියෙන්නෙ නොදන්න දේවල් නෙවෙයි. අපි මේ ප්‍රතිපත්ති දන්නවා, දශක ගණනාවක් කතා කරල තියෙනවා. මගේ අදහසේ හැටියට මේව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ නිසා තමයි රටට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නෙ. මම කැමැති අඩුවෙන් කතා කරල වැඩියෙන් වැඩ කරන්න. ඒ නිසා අපට පුළුවන් නම් මේ 2023 අවුරුද්දෙදි අපි හැම කෙනෙකුගෙන් ම ඉල්ලා සිටිනවා සිය දායකත්වය දෙගුණ කරන්න කියල. ඒක මේ අවස්ථාවෙ විශාල කැපකිරීමක්. වේදනාකාරී තීරණ මගින් අවුරුද්දක් දෙකක් ඇතුළත අවුරුද්දක් දෙකක් ඉදිරියට ගිහින් එතනින් එහාට පුළුවන් රටක් විදියට ඉස්සරහට යන්න සහ අපි බලාපොරොත්තු වූ වේදනාකාරී නොවන මට්ටමකට ගමන් කරන්න.” යැයි මහින්ද සිරිවර්ධන මහතා වැඩි දුරටත් පැවැසීය.

 

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය රංජිත් සියඹලාපිටිය සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරු සේම අමාත්‍යාංශයේ සියලු සේවයක සේවිකාවෝ සහභාගී වූහ.

Post Views: 22
Previous Post

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට කැපවෙමු – නිවාස අමාත්‍යංශ ලේකම්

Next Post

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු – ජනපති

editor

editor

Next Post

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved