• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට කීර්තියක් මෙන්ම ධනවත්භාවයක් ගෙන එන්න අපේ ආණ්ඩුවක් ගොඩ නගමු – මන්ත්‍රී අනුර 

25 March 2024
in දේශීය, පුවත්
රටට කීර්තියක් මෙන්ම ධනවත්භාවයක් ගෙන එන්න අපේ ආණ්ඩුවක් ගොඩ නගමු – මන්ත්‍රී අනුර 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපකීර්තියට පත්වෙලා තිබෙන අපේ රාජ්‍යයට කීර්තිය කැටුව එන සහ බංකොලොත්භාවයට පත්වී තිබෙන අපේ රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් නව ආණ්ඩුවක් ගොඩනඟමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා කැනඩාවේ ටොරොන්ටෝ පැවැති ශ්‍රී ලාංකික ජන හමුවකදිය.

එහීදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතා “මෙතනට රැස්වී සිටින ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් වත් හානිවෙන්න ඉඩ නොතබන බවට පොරොන්දු වෙනවා. අපේ රටේ ජනතාවට යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවන් තිබුණා. කවර ආණ්ඩුවක් හැදුවත් කවර පාලකයෙක් පත්කර ගත්තත් පොදු ජනතාවට තිබුණේ යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවනුයි. හැබැයි පාලකයාට තිබුණේ ඊට පටහැණි අපේක්ෂාවන්, වෙනස් බලාපොරොත්තු. ඒ නිසා ජනතාවගේ අරමුණුත්, බලාපොරොත්තුත් පාලකයාගේ අරමුණුත්, බලාපොරොත්තුත් දෙකක් වුණා. ජනතාවගේත් පාලකයාගේත් අපේක්ෂාවන් එකක් බවට පත්වෙන ආණ්ඩුවක් අපි ලංකාවේ පළමු වතාවට හදමු . එහෙම පාලනයක් අපට අවශ්‍යයි. ඔබට තිබෙන අරමුණුම තමයි අපටත් තිබෙන්නේ. සමහර අරමුණු ඔබටත් වඩා ඉදිරියෙන් අප ළග තිබෙන බවට අපි විශ්වාස කරනවා. අපේ රටේ ඈත ගම්වල දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී සිටින ජනතාවට මෙයට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්නත් අපකීර්තියට පත්වෙලා තිබෙන අපේ රාජ්‍යයට කීර්තිය කැටුව එන සහ බංකොලොත්භාවයට පත්වී තිබෙන අපේ රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් අපි නව ආණ්ඩුවක් ගොඩනඟමු.

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙනකොට අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්; අලුත් පාලනයක්. අපේ අපේක්ෂාව ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කරගන්නයි. මේ ගමනේදී ප්‍රධාන අභියෝගයන් දෙකක් තිබෙනවා. එක බලය අත්පත් කර ගැනීම. දෙක කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැගීම. ඒ නිසා ප්‍රධාන කාර්යයන් දෙකක් අපේ උරමත පැටවී තිබෙනවා. මා හිතනවා මේ කාර්යයන් දෙක දෙකක් වුණාට එකම ගමනක සන්ධිස්ථාන දෙකක්. අපි බලය ලබාගැනීම සඳහා හදන පාරෙම තමයි මේ රට ගොඩනැගීමේ පාර තිබෙන්නේ. අපේ රටේ ගොඩක් සිදුවුණු දේ තමයි බලය ගන්න කරන්න පුළුවන් හැම අවරගණයේ ක්‍රියාවක්ම කරනවා. කළ හැකි සියලු පන්නයේ විනාශයන් කර බලය අරගෙන රටක් හදන්න බැහැ. බලය ලබාගැනීම සඳහා සත්භාවයෙන් කරනු ලබන කාර්යයම තමයි රට ගොඩනැගීම සඳහාත් උරදෙන්නේ. බලය ලබාගැනීම සඳහා තිබෙන පාරම තමයි රට ගොඩනැගීම සඳහා තිබෙන්නේ. බලය ලබා ගැනීම සඳහා තිබෙන්නේ සියලු දෙනාම එකතු වීම. රට ගොඩනැගීම සඳහා තිබෙන්නේත් සියලු දෙනාම එකතුවීම. අපි ඔබට ආරාධනා කරන්නේ බලය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රට ගොඩනැගීම සඳහාත් දායකත්වය දෙන කණ්ඩායමක් ලෙස අපත් එක්ක එකතු වෙන්න කියලා.

සංවාද තුනක් ඇවිත් තිබෙනවා. පළමුවෙනි සංවාදය පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවයි. දෙවන සංවාදය ජනාධිපති ඡන්දෙට පෙර පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීම පිළිබඳවයි. තුන්වෙනි සංවාදය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවයි. ලංකාවේ මැතිවරණයක් පිළිබඳ මෙවැනි අවිනිශ්චිතතාවයක් හෝ සැකයක් මීට පෙර මතුවී තිබෙනවාද? ව්‍යවස්ථානුකූලව ජනාධිපති ඡන්දය, පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. උදාහරණයක් ලෙස 2019 නොවැම්බර් 08යි දෙසැම්බර් 08යි අතර ජනාධිපති ඡන්දය පැවැත්විය යුතුව තිබුණා. ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් තිබුණේ නැහැ. ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා හරියටම වෙලාවට අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. මැතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබුණේ නැහැ. ලංකාවේ පළමුවෙනි වතාවට ඡන්දයක් පිළිබඳව අවිනිශ්චිතතාවය ඇවිත් තිබෙනවා. අන්කවරක්වත් නිසා නොවෙයි; අපේ රටේ දූෂිත, විනාශකාරී, ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා නිමිත්තක් ඇති වී තිබෙනවා. ඔවුන් ඒකට බයයි. රාජපක්ෂ කඳවුර අතින් රනිල් කඳවුර අතට බලය මාරුවෙනවා නම්, රනිල් කඳවුරෙන් රාජපක්ෂ කඳවුරට බලය මාරුවෙනවා නම් ඔවුන් කවදාවත් බිය වෙන්නේ නැහැ. ලංකාව වසර 76ක් පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඇවිත් තිබෙනවා. නමුත් ජනාධිපති ඡන්දයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් නැහැ. ජනාධිපති ඡන්දයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියනවා. බැසිල් රාජපක්ෂ කියනවා, ජනාධිපති ඡන්දෙන් පසුව පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බොත් හෝදගෙන යනවා කියලා. 2004 පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බා. පාර්ලිමේන්තුවට අවුරුදු 06. 2005 ජනාධිපති ඡන්දෙ තිබ්බා. ජනාධිපති ධුරයට අවුරුදු 06යි. එහෙම නම් පාර්ලිමේන්තු ඡන්දෙ එන්න ඕනෙ 2010යේ. ජනාධිපති ඡන්දෙ එන්න ඕනෙ 2011හේ. ඒ වෙලාවේ ජනාධිපතිවරයාට බලය තිබුණා විධායක ජනාධිපති ධුරයට අවුරුදු හතරක් පිරුණාට පස්සේ ඡන්දෙ කැඳවන්න. ඔහු කළේ ව්‍යවස්ථා වගන්ති උපයෝගී කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති ඡන්දය ගත්තා. 2015 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට තව අවුරුදු දෙකක් තිබියදී ජනාධිපති ඡන්දෙ කැඳෙව්වා. 2019 ජනාධිපති ඡන්දෙ තිබ්බා. පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ආවේ 2020 මාර්තු 02දාට. දෙවෙනිදා රෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා; ජනාධිපති ඡන්දය අවසන් වූ වහාම මහ මැතිවරණය ගැනීමේ අපේක්ෂාවෙන්. අවස්ථා තුනක් මහ ඡන්දයට පෙර ජනාධිපති ඡන්දය ගත්, ඒ සඳහා වැඩ කළ බැසිල් රාජපක්ෂ අද කියනවා, පාර්ලිමේන්තු ඡන්දෙ කලින් තිබ්බොත් හොඳයි කියා.

ජනාධිපතිවරණය නිසා ඔහු විශාල අසීරුතාවයට පත්ව සිටිනවා. ඔහු එක්කෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතුයි. රනිල්ට සහාය දුන්නොත් එතනින් පසුව පොහොට්ටුවක් නැහැ. එහෙම නැතිනම් වෙන කෙනෙක් දාන්න ඕනෑ. වෙන කෙනෙක් දැම්මොත් පාර්ලිමේන්තු ඡන්දෙදි ගන්නා ඡන්ද ප්‍රමාණයත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් “ගෙදර ගියොත් අඹු නසී. මඟ සිටියොත් තෝ නසී” තත්වයට පත්වෙනවා. ඒකෙන් බේරෙන්න මහ ඡන්දෙ කලින් ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ඡන්දය කලින් ගැනීමේ අභිමතය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතේ විතරයි. රනිල් වික්‍රමසිංහ තීරණය කළොත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියා විසුරුවා හැරිය හැකියි. අද විසුරුවොත් හෙට සිට රනිල්ගේ බලය ශූන්‍යයි. ඒ නිසා රනිල් අන්තිම මොහොත දක්වා ඉන්න නම්, ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්දයට යාමට තිබෙන ඉඩකඩ අඩුයි. දැනට දේශපාලනය ගොඩනැගී තිබෙන විදිහට සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර, ජනාධිපති ඡන්දෙ පැවැත්වෙනවා. බොහෝ දුරට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 ජනාධිපති ඡන්දය පැවැත්වෙනවා. ඒක වළක්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට සැප්තැම්බර් 28 දක්වා හෝ ඔක්තෝබර් 05 දක්වා ඉන්න පුළුවන්. ඔහු ජනාධිපති ඡන්දයක් තියන්න තීරණය කරන්නේ නැතිනම් ඊට කලින් යන්න පුළුවන්.

අද අපේ ජනතාව මේ පීඩාව දරාගෙන ඉන්නේ මැතිවරණයකදී පාඩම් උගන්වන්නම්, ඡන්දෙදි අපි බලාගන්නම් කියන අරමුණෙන්. ඡන්දෙ තියන්නේ නැහැ කියලා මතයක් ආවොත් ජනතාව හෙට පාරට බහිනවා.

ඊළඟට නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කිවුවා “පොදු සතුරෙක්” ගැන. අනෙක් පක්ෂ අතර තිබෙන වෙනස්කම් පැත්තකින් තබලා පොදු සතුරාට මුහුණ දෙන්න කියලා. පොදු සතුරා එන්පීපී එක. අපි සතුටු වෙනවා ඒගොල්ලන්ගේ පොදු මිතුරා නොවී පොදු සතුරා බවට පත්වීම ගැන. නිමල් සිරිපාලට කවදාවත් ඔවුන් සතුරෙක් වුණේ නැහැ. එයා 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදිත්, 2005 මහින්දගේ ආණ්ඩුවේත්, 2015 මෛත්‍රීපාලගේ ආණ්ඩුවේත්, 2019 ගෝඨාභයගේ ආණ්ඩුවේත්, 2022 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේත් ඇමති. ඒ නිසා අපි නිමල් සිරිපාලට පොදු සතුරා වීම හරි. ඔහු අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේ ඇමති. ඒ නිසා විශාල සන්ධානයක පෙර නිමිති, ජාතික ජන බලවේගය පරාජයට පත්කිරීමට ඊට එරෙහිව සාමදෙනාම එකතු විය යුතුයි කියන සංවාදය ඇතිවී තිබෙනවා. මෙවැනි පරිවර්තනයන් සාමාන්‍ය විදිහට ඉටුවෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. අපි පරාජය වුණොත් පසුවදා සිට දේශපාලනය කරනවා. අපි මේක අත්හරින්නේ නැහැ. වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානයෙන් වැඩකරනවා. ඒගොල්ලන් පැරදුණොත්, එයාලට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඔවුන් පරම්පරාව අනුව දේශපාලන පෙතේ ඉත්තෝ ටික පෙළ ගස්වා තිබෙනවා. නාමල් මෑතකදී කිවුවා, ඒගොල්ලන්ගේ පවුලේ දේශපාලන ඉතිහාසය අවුරුදු 98ක් කියලා. ඒගොල්ලන් පැරදුණොත් නාමල්ට සෙන්චරිය ගහන්න ලැබෙන්නේ නැහැ. උඩ විතරක් නොවෙයි දිස්ත්‍රික්ක වශයෙනුත් ග්‍රාමීය වශයෙනුත් ඒගොල්ලන්ගේ පෙළපත්වලට අපේ රටේ පාලනයන් ලියා දී තිබෙනවා. ඒ පෙළපත් පාලනය අහෝසි වෙනවා. ඔවුන් කවදාවත් නීතියට යටත් වුණේ නැහැ. නීතියට උඩින් හිටපු අය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ පනත් මොනතරම් තිබුණත් ඒ හැම නීතියකටම වඩා ඔවුන් හිටියේ උඩින්. ඔවුන්ට නීතියට යටත් වෙන්න සිදුවෙනවා. අයථා ලෙස එක්රැස් කරගෙන තිබෙන ධනය අහිමි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා එයාලගේ පැත්තෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ලංකාවේ දකින්න ලැබෙන විචිත්‍රවත්ම මැතිවරණ වේදිකාව දකින්න ඉදිරියේදී දකින්න ලැබෙනවා. හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨා, සහ රනිල් පස්දෙනාම වේදිකාවේ නගිනවා. දැනුත් වේදිකාවට නොනැග්ගත් අභ්‍යන්තර එකඟතාවයකින් වැඩකරනවා. මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය තමන්ගේ අතින් පළමුවෙනි වතාවට බලය අහිමි වෙයි කියන තැතිගැන්මට ලක්වී ඉන්නවා. ජනවහරේ කතාවක් තිබෙනවා “විශාල ගංවතුරකට අසුවුණාම, නයයි, මුගටියයි ගහගෙන යනකොට එක කොටේකට නගිනවා” කියලා. මේ නයි-මුගටි ඉදිරියේ එක වේදිකාවේ දකින්න හැකිවෙනවා. ඒ ගොල්ලන්ගේ පැත්තෙන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව පැහැදිලියි.

අපට බලය ලබා ගැනීම සඳහා කරන්න තිබෙන්නේ තව තවත් ජනතාව දැනුවත් කොට එකතු කර ගැනීමයි; ජනතා විශ්වාසය දිනා ගැනීමයි. අපි ඔබට ආරාධනා කරන්නේ එම කාර්යයේදී ඔබ පංගුකාරයෙක් බවට පත්වෙන්න. දූෂිත, ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ගොඩනගන්න එකතු වෙන්න කියා ඔබට ආරාධනා කරනවා. කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාවටත් මම ආරාධනා කරනවා. ඔවුන්ට ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජනතාවට ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාව තිබෙනවා. මම සිංහල බෞද්ධ සංස්කෘතිය තුළත් තව කෙනෙක් දෙමළ පවුලක හින්දු ආගමික සංස්කෘතියක් තුළත් තව කෙනෙක් ඉස්ලාම් සංස්කෘතිය තුළත්, ක්‍රිස්තු ආගමිකයන් සහ බර්ගර් පිරිස් ඒ ඒ සංස්කෘතීන් තුළ හැදුනු වැඩුනු අයයි. අපි එකිනෙකා වෙනස් ආගම්, භාෂා, සංස්කෘතීන් අනුව උපත ලැබීම අපරාධයක්ද? මේ පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් සමත් වුණා, අප රට ඇතුලේ ඒ බෙදීම ඇති කරන්න. අපේ රටේ මුළු දේශපාලනයම කළේ අනෙකාට එරෙහිව. උතුරේ දේශපාලනය දකුණටත්, දකුණේ දේශපාලනය උතුරට එරෙහිවත්, දකුණේ දේශපාලනය නැගෙනහිරටත්, නැගෙනහිර දේශපාලනය දකුණට එරෙහිවත් මෙහෙය වූවා. මුළු දේශපාලනයම සිංහල, දෙමළ, මුස්ලිම් කතා කරන භාෂාව අනුව, ආගම අනුව, අනන්‍යවූ සංස්කෘතීන් අනුව අනෙකාට එරෙහිව අපව තීරු තීරුවලට බෙදුවා.

අද ලංකාවට අවශ්‍ය එකතුවීමේ හා සමගියේ දේශපාලනයක්. අපි තිස් වසරක යුද්දෙකට මුහුණ දුන්නා. මහපොළොව තෙත් වෙනකම් ලේ හැළුවා; ගංඟා පිරෙනකම් කඳුළු ගැලුවා. උතුරේ, දකුණේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් අහිමි වුණා. මේ බෙදුම්වාදී දේශපාලනයේ අපට ඉතිරි වුණු ප්‍රතිඵලය කුමක්ද? අපි මේ දේශපාලනය අවසන් කරන්න ඕනෑ නැද්ද? අපි උතුරේ ජනතාවටත් ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න වුණු ආහාර පිළිබඳව, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව, සෞඛ්‍යය පිළිබඳව, නිවාසයක් හදාගැනීමේ ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කරන දේශපාලන නායකයන්ට අපි ආරාධනා කරනවා එකතු වෙන්න ඕන තැන ජාතික ජන බලවේගය කියලා. නැගෙනහිර මුස්ලිම් ජනතාවටත් නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කරන සෑම පුරවැසියෙකුටමත්, ප්‍රජා නායකයන්ටත් අපි ආරාධනා කරනවා. මේ වෙනස කරන්න ඔවුන්ගේ දායකත්වය අපට අවශ්‍යයි. අපි ගොඩනගන ආණ්ඩුව, දකුණ, උතුර, නැගෙනහිර, දෙමළ, මුස්ලිම්, සිංහල මේ සියලු දෙනා පාලන බලය හොබවන ආණ්ඩුවක් බවට පත්වෙන්න ඕනෑ. කැනඩාවේ ජීවත්වෙන දෙමළ ජනතවගෙන් ඉල්ලනවා, මේ පණිවිඩය ඔබේ ඥාතියාට, හිතවතාට දෙන්න කියලා. අපේ පරම්පරාව, යුද්ධ කරගත්තා, ගහමරා ගත්තා, සැකය, ක්‍රෝධය, වෛරය ඇතිකර ගත්තා. අපේ පරම්පරාවට වගකීමක් තිබෙනවා, අනාගත පරම්පරාවට ඒ තත්වය උදා නොකිරීමට කටයුතු කිරීමට.

1948 නිදහස ලැබෙන විට මේ සියලුම ජනතාව එක ජාතික කොඩියක් යටතේ ඒකාබද්ධ කරන්න පුළුවන්කම තිබුණා. සුද්දාගේ ආධිපත්‍යය බිඳුණා. ස්වදේශිකයන් අතට පාලනය ආවා. මොනතරම් ජාතික හැඟීමක් අපේ මනස තුළ ඇතිවෙන්න ඕනෙද? අපට අද චක්‍රලේඛයක් මගින් ජාතික කොඩිය දම්මවන්න සිදුවී තිබෙනවා. අපට එය නිදහසක් ලෙස දැනේනේ නැහැ. 1947 නිදහස ලබාගත්ත ඉන්දියාවේ නායකයන්ට තමන්ගේ රට ඉදිරියට යා යුතු දැක්මක් තිබුණා. එදා නායකයන් දැමූ පදනම තමයි අද හඳට යන ඉන්දියාවක්, ආසියානු කලාපයට වාහන සපයන, ඖෂධ සපයන, ආහාර සපයන රටක් හැදුණේ. අපිට ණය ගන්න සිදුවුණා, ණය ගෙවාගන්න බැරිවුණා. අපේ නායකයන්ට දැක්මක් සහිත පාලනයක් තිබුණේ නැහැ. විශාල ප්‍රාදේශිය බෙදීම් තිබෙන, විවිධ සංස්කෘතීන් තිබෙන, විශාල ආගම් ප්‍රබේද තිබෙන, විවිධ භාෂාවන් තිබෙන රටක් වූ ඉන්දියාවට එක ජාතික කොඩියක් යටතේ ජනතාව පෙළගස්වන්නත් ඒ නිසා මනමෝහංසිංට අගමැති වෙන්නත් අබ්දුල් කලාම්ට ජනාධිපති වෙන්නත් හැකියාව ලැබී තිබෙනවා. කුලහීන යැයි සම්මත කාන්තාවකට ජනාධිපති වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පාලකයන්ට ජාතික ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන්කම ලැබුණ නිසා. නමුත් අපේ රටේ 1958 සිට 2019 දක්වා මුළු ඉතිහාසයම ගැටුම්කාරී ඉතිහාසයක් නිර්මාණය කළා. අනෙකාට එරෙහිව දේශපාලනය කිරීමේ වියගසෙන් අපි මිදෙන්න ඕනෑ.

ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයේදී උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එකට එකතුවී නව පාලනයක් ගොඩනඟා ගනිමු. 1948 පාලකයන් අවස්ථාව මඟ හැරියත් 2024දී එකමුතුකම, සමගිය, ජාතික ඒකාබද්ධතාව සහිත පාලනයක් ගොඩනගා ගනිමු. මට ඡන්දෙ දෙන්න, මම 13 ප්ලස්, ෆෙඩරල් දෙන්නම් කියා ඡන්ද ගනුදෙනුවක් කරන්න සූදානම් නැහැ. දේශපාලනය කියන්නේ ගනුදෙනුවක්, බිස්නස් නොවෙයි. දේශපාලනය කියන්නේ සාමූහික ව්‍යායාමයක්. උතුර, දකුණ, නැගෙනහිර අපි එකතු වෙලා අපේ රට ගොඩනගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,606
Previous Post

PLC හි ‘අපි එක කරලේ වී’ 29 වැනි සුමති සම්මාන උළෙලේ ‘විශිෂ්ටතම වෙළඳ දැන්වීම’ සම්මානය දිනාගනී

Next Post

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor ttvnews

editor ttvnews

Next Post
නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved