• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්වෙමු – ජනපති

10 February 2024
in දේශීය, පුවත්
ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්වෙමු – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඊයේ (09) ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දියන් සාගර සමුළුවේ 7 වන සමුළුව 09 වනදා සහ 10 වනදා  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වන්නේ “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන්නයි.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්ම මහත්මීහු සහ ඉන්දියන් සාගර ආශ්‍රිත රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙන්ම ඉන්දීය පදනමේ සභාපති රාම් මාධව් මහතා ඇතුළු නියෝජිතයන් සමුළුවට එක්ව සිටී.

සමුළුව අමතා සිය ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍ය බවයි. එය ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA)නායකයන්ට පමණක් කළ හැකි කාර්යයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් විය නොහැකි බැවින්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදු කරමින්, දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන්, වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Post Views: 7,705
Previous Post

අපි යන පාරට එහා වෙනත් පාරක් තියෙන්න විදියක් නෑ – මන්ත්‍රි වජිර

Next Post

මැතිවරණ වසරක ජනාධිපති ධුරය අහෝසි කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් 

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

මැතිවරණ වසරක ජනාධිපති ධුරය අහෝසි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved