ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඇතුළු ඉන්ටර් මියාමි (Inter Miami) කණ්ඩායම පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරය වෙත පැමිණියා. ඒ පසුගිය දෙසැම්බරයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්ටර් මියාමි කණ්ඩායම දිනාගත් ‘එම්.එල්.එස්. කුසලාන’ (MLS Cup) ජයග්‍රහණය සැමරීම වෙනුවෙනුයි.
ඩේවිඩ් බෙකම්ගේ හිමිකාරිත්වයෙන් යුත් මෙම කණ්ඩායම පිළිගනිමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ තම පුත්‍රයා වන බැරන් ට්‍රම්ප් පවා මෙසීගේ දැඩි රසිකයෙකු බවයි. මෙසී සිය ක්‍රීඩා දිවියේ 47 වන කුසලානය ජයග්‍රහණය කරමින් තැබූ වාර්තාව අගය කළ ජනාධිපතිවරයා, ලොව ඕනෑම කණ්ඩායමකට යාමට අවස්ථාව තිබියදී ඇමරිකාවේ මියාමි කණ්ඩායම තෝරා ගැනීම ගැන මෙසීට සිය ස්තූතිය ද පුද කළා. පාපන්දු පුරාවෘත්තයක් වන පේලේ (Pele) ටත් වඩා මෙසී දක්ෂයෙකු විය හැකි බවටද ට්‍රම්ප් මෙහිදී අදහස් දක්වා තිබීම විශේෂත්වයක්.
වයස අවුරුදු 38ක් වන මෙසී මේ වන විටත් අඛණ්ඩව දෙවතාවක් ලීගයේ වටිනාම ක්‍රීඩකයා (MVP) බවට පත්වෙමින් ඇමරිකානු පාපන්දු ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කර තිබෙනවා. මැදපෙරදිග පවතින උණුසුම් දේශපාලන වාතාවරණය මධ්‍යයේ වුවද, මෙම ක්‍රීඩා හමුව ලෝක අවධානය දිනා ගැනීමට සමත් වුණා.














