• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට – ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව

21 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වට්ටන්න මේ හදන්නේ,අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පහසුකම් සපයන්න කියලා යැයි ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” අද වන විට රටේ පවතින බිත්තර මිළ සම්බන්ධයෙන් රටේම කථා බහක් තියෙනවා,ඊට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ සත්ත්ව ආහාර හා බෙහෙත් මිළ සම්බන්ධ ගැටලුව. මේ වෙලාවේ රජයෙන් නියෝග කරලා තියෙනවා, රුපියල් 50 ට වැඩියෙන් බිත්තර අළෙවි කළොත් දඩ ගහනවා, අත්අඩංගුවට ගන්නවා කියලා.මේක දැන් දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නිෂ්පාදකයාට නිෂ්පාදනය සඳහා අවශ්‍යය කරන පහසුකම් හා අමුද්‍රව්‍යය ලබා නොදී බිත්තරයේ මිළ පමණක් අඩු කරන්න සූදානම් වෙනවා. ඉස්සරහට එන්නේ උත්සව සමය, මේ වෙලාවේ බිත්තර ගොවියා කබලෙන් ලිපට වැටිලා තියෙනවා, ඒ වගේම මේ වන විට 50% දක්වා පහත වැටිලා තියෙනවා බිත්තර නිෂ්පාදනය.විශේෂයෙන්ම මේ රටේ බිත්තර නිෂ්පාදනය වැඩි කරනවා වෙනුවට, බිත්තර නිෂ්පාදකයින් පාගලා දාන්න අඩුව කටයුතු කරනවා.මේ උත්සව සමයේ මේ අයට අවශ්‍යය වෙලා තියෙනවා බිත්තර පිටරටින් ගෙන්වන්න, බඩඉරගු වගා කිරීමට කිසිදු වැඩපිළිවෙලක් නෑ, බිත්තර ඇමති කෙනෙක් ඉන්නවා, කිරි ඇමති කෙනෙක් ඉන්නවා, අපි දැක්කා දෙතුන් වරක් පාර්ලිමේන්තුවේ කථා කරනවා පක්ෂ ප්‍රවර්ධනය වෙනුවෙන්, කිසිම වෙලාවක අපේ මේ කර්මාන්තකරුවා වෙනුවෙන් කථා කලේ නෑ, ඩී.වී හේරත් පශු සම්පත් ඇමතිවරයා කථා කරන්නේ ඒ ගොල්ලන්ගේ ගැටලු මිසක්, දේශපාලන කාරණා මිසක් මේ කර්මාන්තය ගැන කථා කරන්නේ නෑ. කිරි වලට මිලක්, බිත්තර වලට මිලක් ඒ අය කතා කරන්නේ නෑ,

මේ වන විට බිත්තරයක් අලෙවි කරන්න කියලා තියෙන්නේ රුපියල් 50 ක මිලකට නමුත් රුපියල් 39 ත් 46 ත් අතර මිලක් වැය වෙනවා, බිත්තරයක් නිෂ්පාදනය කරන්න.අද වන විට මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ කර්මාන්තකරුවෝ සෑහෙන ගැටලුවකට මුහුණ දීලා සිටිනවා. සමහර සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ නිවසේ බිත්තර විකුණනවා.නමුත් නිවසේවත් බිත්තරයක් තියා ගන්න බැරි තත්වයට පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කරනවා. පැස්බරා බිත්තරයක ප්‍රශ්නයක් තියෙන කොට හූණු බිත්තරයක ප්‍රශ්නයක් මතු කරනවා වගේ වැඩක් මේක.අපේ ගොවිපළ හිමියන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා බාවිතා වෙන ඩිමෝ බට්ටා වාහනය රුපියල් 8000 ට තිබුණ ටයර් එකක් රුපියල් 60000 ක් වෙලා තියෙනවා.කෝ මේවාට මිළ පාලනයක්, බිත්තරය මිළ පාලනයක් ගේනවා, ට්‍රැක්ටරයට මිළ පාලනයක් නෑ, රුපියල් 12000 ට තිබුණ වාහන බැටරිය මේ වන විට රුපියල් 65000 ක් වෙනවා.මේ විදිහට සමස්ථ රටේම සියලු දේ වල මිළ විකෘතියක් තියෙනවා. සියලුම ආහාර නිෂ්පාදන, සියලුම කෘෂි නිෂ්පාදන, විතරක් නෙමෙයි, සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ වල කිසිම මිළ පාලනයක් නෑ, මිළ විකෘතියක් තියෙන්නේ. නමුත් ඊට අදාළ බළධාරීන්, නිළධාරීන් මර නින්දේ.

ඒ හරහා මේ රටේ නිෂ්පාදනය කරන බිත්තර හා කුකුල් මස් සහමුලින්ම නැති කරලා ඒ වෙනුවට පිටරටින් ඒවා ගෙනල්ලා කවන්න.එදාට පාරිභෝගිකයොත් කියයි අඩු මිලට ගේන බිත්තර, මස් වටිනවා කියයි.අපේ මේ කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වට්ටන්න මේ හදන්නේ.අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පහසුකම් සපයන්න කියලායි. අද කිරි ගොවියන්ගේ කිරි ගවයෙක්ට කන්න දෙන්න දෙයක් නෑ, රක්ෂිතයකට ගවයෙක් ගෙන යන්න බෑ, මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා රක්ෂිත වල ඉන්න ගවයෝ ජාතික පශු සම්පත් එකට ගන්නවා කියලා.ඒ ගොවිපළවල් පිටරටට විකුණන්න සූදානම් කර තිබෙන බවට අපිට වාර්ථා වෙනවා.ගොවියන්ට වගා කරන්න, ගවයෝ ගැට ගහන්න බිමක් නෑ, එහෙම වෙලාවක ඔයාමඩුවේ, පරසන්ගස්වැවේ අක්කර දහස් ගණන් පිටරට සමාගම් වලට විකුණන්න සූදානමක් තියෙනවා.මේ වන විට පළමු වතාවට ගොවිබිම් විකුණන වැඩේ පාලකයෝ ආරම්භ කරලා තියෙනවා.රජයේ ගොවිපළවල් අක්කර 5000 සිට 65000 දක්වා විකුණීම ආරම්භ කර තිබෙනවා.අපේ ගොවියෝ පාරට දාන්න මේ සූදානම යැයි සුජීව ධම්මික මහතා පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 5
Previous Post

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය

Next Post

පොහොට්ටුව ශක්තිමත් කරන්නැයි බැසිල් ලංකාවට ආවේ – මන්ත්‍රී රෝහිත

editor

editor

Next Post

පොහොට්ටුව ශක්තිමත් කරන්නැයි බැසිල් ලංකාවට ආවේ - මන්ත්‍රී රෝහිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025

Recent News

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved