හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දේශීය ජාවාරම්කරුවෙකු සහ තායිලන්ත ජාතිකයෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් කෙරුණේ කිරිබත්ගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ සීදුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි තායිලන්ත ජාතිකයෙකි.
ඉකුත් 03 වැනිදා සවස පාදිලියාතුඩුව මාර්ගයේදී යතුරුපැදියකින් මත්කුඩු අලෙවි කරමින් සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ මර්දන විමර්ශන අංශය මගින් ප්‍රථමයෙන් දේශීය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මත්කුඩු තොගය සැපයූ තායිලන්ත ජාතිකයා කොටු කර ගැනීමට පොලිසිය සමත් විය. රැඳවුම් භාරයේ තබාගෙන සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.














