• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

LOLC සමාගම, Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

27 April 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies” Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුවිශේෂී සහල් වැඩිදියුණු කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇත.

මෙම නව තාක්ෂණය මගින්, සහල් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දැනට භාවිත වන තාක්ෂණික ක්‍රමවේදයන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතා හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කරයි.

පේටන්ට් බලපත්‍ර ලාභී මෙම නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් විටමින් සහ පෝෂ්‍ය පදාර්ථවලින් අනූන, අද්විතීය Health Gold Fortified Rice ^HGFR& නිෂ්පාදන මාලාව දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට LOLC Advanced Technologies විසින් කටයුතු කෙරිණි. වර්තමානයේ දී මෙම සුවිශේෂී සහල් නිෂ්පාදන Curcumin (කහ තුළ අඩංගු රසායනිකවල පෝෂණය), Bacopa & Centella (ගොටුකොල සහ ලුණුවිල තුළ අඩංගු පෝෂණය) සහ Tea Catechin (තේවල අඩංගු ක්‍රියාකාරී ද්‍රව්‍යවල අඩංගු පෝෂණය) යන ප්‍රභේදවලින් ලබා ගත හැකි අතර, ඉදිරියේ දී එම නිෂ්පාදන ප්‍රභේද ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බව LOLC Advanced Technologies සමාගම පවසයි. මෙම සෑම නිෂ්පාදනයක් ම සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීම විශේෂිතය. උදාහරණයක් ලෙස, Curcumin ප්‍රභේදය පිළිකා අවදානම අවම කිරීමත්, Catechins ප්‍රභේදය හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වීමත්, Bacopa & Centella ප්‍රභේදය සංජානන ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට සහ ආතතිය හා කාංසාව අවම කිරීම ඉලක්ක කර ගනිමින් නිපදවා තිබීමත් දැක්විය හැකිය.

Health Gold Fortified Rice නිෂ්පාදන 2022 අගෝස්තු මාසයේ දී මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කෙරුණු අතර, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා ගැනීමෙන් පසුව එම නිෂ්පාදන දැන් පුළුල් ලෙස වෙළඳපොළ වෙත නිකුත් කෙරෙයි. මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ දේශීය සමාගමක් වන Brown and Company PLC විසින් අලෙවි හා බෙදා හැරීමේ කටයුතු සිදු කරන අතර, මෙම සෑම ප්‍රභේදයකින් ම ග්‍රෑම් 450 ඇසුරුම් මිල දී ගැනීමේ හැකියාව ඇත.

මෙම ජයග්‍රාහී හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් LOLC Advanced Technologies සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධනේෂ් අබේරත්න මහතා පැවසුවේ, “ ශ්‍රී ලංකාවේ දී සිදු කළ පුළුල් පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියකින් පසුව Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ වෙළඳපොළට හඳුන්වා දීමට හැකි වීම ඓතිහාසික ජයග්‍රහණයක්. අපගේ මෙම නව තාක්ෂණය සහ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පේටන්ට් බලපත්‍රය හිමි වී තිබෙන බවත්, මෙම නිෂ්පාදන 100%ක් දේශීය නිෂ්පාදන බවත් සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන්. ඒ වගේ ම මෙම නිෂ්පාදන සඳහා BRCGS” HACCP” ISO 2200, GMP සහ GMO වැනි ගෝලීය ප්‍රමිතීන් හිමි වී තිබීම ශ්‍රී ලාංකේය දක්ෂතාව සහ නවෝත්පාදන හැකියාව සඳහා උදාහරණ සපයනවා.” යනුවෙනි.

Health Gold Fortified Rice හි විශේෂත්වය වන්නේ එම සහල් නිෂ්පාදන සකස් කිරීමේදී සහ පිසීමේදී එහි පෝෂ්‍ය පදාර්ථවලට හානියක් නොවීමයි. මේ ආකාරයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආහාරය වන සහල් හරහා පෝෂ්‍ය පදාර්ථවල යහගුණය රසයට හානියක් නොවන පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට Health Gold Fortified Rice සමත් වී ඇත. එමෙන් ම මෙම නිෂ්පාදන පෙළ මෙරට ආහාර වෙළෙඳපොළේ පුළුල් වපසරියක් ආවරණය කරමින්, ආහාර පෝෂක ඌනතා සඳහා විසඳුම් ලබා දෙන ප්‍රධාන පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.

LOLC සමූහ ව්‍යාපාරයේ, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා ද අදහස් දක්වමින්, “Health Gold Fortified Rice දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීම අප සමාගමේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙම නව නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට, පාරිභෝගිකයින්ට ඉතා සෞඛ්‍ය සම්පන්න සහල් නිෂ්පාදන පෙළක් ලබා දීමට වගේ ම ගෝලීය වශයෙන් අපගේ සහල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

LOLC Advanced Technologies සහ Brown & Company PLC අතර මෙම සහයෝගීතාව මගින් Health Gold Fortified Rice නිෂ්පාදන පෙළ සඳහා අසමසම මට්ටමේ විශ්වාසයක් සහ ගුණාත්මක බවක් එක් කරයි. Brown & Company PLC යනු ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ගෞරවණීය සමාගමක් වන අතර, එය සිය පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. පුළුල් අලෙවිකරණ හා බෙදාහැරීමේ විශේෂඥතාවකින් යුත් Brown & Company PLC විසින් Health Gold Fortified සහල් නිෂ්පාදන මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙදසැල්වලින් ලබා ගැනීමේ පහසුව උදා කර දෙයි.

පිටපත – PR

Post Views: 11
Previous Post

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

Next Post

වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved