එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පොදු ස්ථානවල බුලත් විට කා කෙළ ගැසූ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව එරට බලධාරීන් ඉතා දැඩි නීතිමය පියවර ගෙන තිබේ. උතුරු-බටහිර ලන්ඩන්හි බ්‍රෙන්ට් (Brent) ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැටලීමේදී, එක් අයෙකුට බ්‍රිතාන්‍ය පවුම් 1,391 බැගින් (එනම් ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් 2,170,000ක් පමණ බැගින් දෙදෙනාටම රුපියල් ලක්ෂ 43කට අධික) දඩ මුදලක් නියම කර ඇත.
කිංග්ස්බරි දුම්රිය ස්ථානය අසල සහ උතුරු වෙම්බ්ලි ප්‍රදේශයේදී මොවුන් මෙලෙස බුලත් කෙළ ගසා ඇති අතර, මුලින් පනවන ලද පවුම් 100ක දඩ මුදල නියමිත වේලාවට ගෙවීමට අපොහොසත් වීම නිසා නඩුව අධිකරණයට යොමු කිරීමෙන් පසු මෙලෙස දඩ මුදල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. බුලත් කෙළ මගින් පොදු දේපළවල ඇති වන පැල්ලම් ඉවත් කිරීමට වසරකට පවුම් දස දහස් ගණනක් වැය වන බව පවසන බ්‍රෙන්ට් ප්‍රාදේශීය සභාවේ බලධාරීන්, නගරයේ පිරිසිදුකමට හානි කරන ඕනෑම අයෙකුට එරෙහිව “ශුන්‍ය ඉවසීමේ” (Zero-tolerance) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අවධාරණය කරයි.














