දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (29) අලුයම 41 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පාලනයෙන් ගිලිහී මාර්ගය මැද පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අධික වේගයෙන් ධාවනය වූ මෙම ලොරි රථය ලිස්සා යාමෙන් හෝ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ රියදුරු සහ සහායකයා ගමන් කර ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන්ට බරපතල තුවාල සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ලොරි රථය මාර්ගය හරස් වන සේ පෙරළී තිබීම හේතුවෙන් මාතර දෙසට දිවෙන මංතීරුවල රථවාහන ගමනාගමනයට අලුයම කාලයේදී දැඩි බාධා එල්ල විය.
අධිවේගී මාර්ග නඩත්තු අංශ සහ පොලිසිය එක්ව වහාම ක්‍රියාත්මක වී පෙරළී තිබූ ලොරි රථය ඉවත් කිරීමට පියවර ගත් අතර, ඉන් අනතුරුව මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කෙරිණි. රාත්‍රී සහ අලුයම කාලයේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය නැවතත් සිහිපත් කර සිටියි.














