විවිධ රටවල සංචාරකයන් 550 දෙනෙකු රැගත් “M.V. Crystal Symphony” සුපිරි නෞකාව අද (23) පෙරවරුවේ ත්‍රිකුණාමලය වරායේ අෂ්රොප් ජැටිය වෙත පැමිණියේය. බහාමාස් රාජ්‍යයේ ලියාපදිංචි මෙම නෞකාවේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු රටවල් රැසක සංචාරකයන් පිරිසක් පැමිණි අතර, ඔවුන්ට සහාය වීම සඳහා 497 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද නෞකාව සතු වේ. ත්‍රිකුණාමලයට ගොඩබට මෙම සංචාරක පිරිස සීගිරිය, හබරණ සහ ත්‍රිකුණාමලය අවට ඇති ඓතිහාසික හා සංචාරක වැදගත්කමක් සහිත ස්ථාන නැරඹීමට නියමිතය. මෙම පැමිණීම නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධයට විශාල පිටුවහලක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාසය පළ කරති.















