තම වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටි මාදැල් ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් වීමට අද (13) පස්වරුවේ තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාදැල් ධීවර සංගම් නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති අතර, එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කිරීමත් සමඟ ඔවුන් සිය විරෝධතාව අත්හැරීමට තීරණය කර ඇත.














