දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට ශක්තියක් වෙමින් Doosan Bobcat India Pvt Ltd සමාගම රුපියල් මිලියන 22ක් වටිනා B760 වර්ගයේ බැකෝ ලෝඩර් (Backhoe Loader) යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාගය හරහා ආපදාවට ලක්වූ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය.
අදාළ යන්ත්‍රයේ අයිතිය පැවරීමේ නිල ලේඛන Doosan Bobcat India සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Suk Namkoong සහ C-Com Equipment සමාගමේ සභාපති ක්‍රිස්ටි ඇරැව්වල යන මහත්වරුන් විසින් අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී. රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මෙවැනි බර යන්ත්‍රෝපකරණ ලැබීම ආපදා කළමනාකරණ කටයුතුවලට විශාල පිටුවහලකි.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ, ඉන්දියාව සහ සාර්ක් කලාපයේ අලෙවි ප්‍රධානී අනීෂ් කුන්නුම්මාල්, Edward & Christie සමාගමේ සාමාන්‍යාධිකාරී විජිත පතිරණ සහ ජයන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ද සහභාගී වූහ. ආපදා තත්ත්වයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර සමාගම් දක්වන මෙම දායකත්වය රජයේ ඇගයීමට ලක්විය.














