ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ක්‍රියාකලාපය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින මැක්‍රොන් පවසා ඇත්තේ යුද්ධය යනු ප්‍රසංගයක් නොවන බවත් එය මිනිස් ජීවිත සමඟ බැඳී පවතින බැවින් ඒ පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස කටයුතු කළ යුතු බවත්ය ට්‍රම්ප් ජනාධිපතිවරයා දිනෙන් දින එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම සහ සමාජ මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස අදහස් දැක්වීම යුද්ධය තවදුරටත් සංකීර්ණ කරන බව මැක්‍රොන් පෙන්වා දෙයි
විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රායෝගික නොවන බව මැක්‍රොන් අවධාරණය කරයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සතු බැලිස්ටික් මිසයිල සහ වෙරළාරක්ෂක අවි හමුවේ එවැනි මෙහෙයුමක් ඉතා භයානක විය හැකි බව ඔහුගේ මතයයි එසේම මීට මාස කිහිපයකට පෙර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කළ බව පැවසූ ඇමරිකාව දැන් නැවතත් ඉරානය සතුව න්‍යෂ්ටික තර්ජනයක් පවතින බව පැවසීම පරස්පර විරෝධී බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැක්‍රොන්ගේ පෞද්ගලික ජීවිතය සහ ඔහුගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව ද ප්‍රංශයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත මැක්‍රොන්ගේ දේශපාලන විරුද්ධවාදීන් පවා ට්‍රම්ප්ගේ එම ප්‍රකාශ පිළිකුල් සහගත බව පවසා තිබේ තමන් එම පහත් මට්ටමේ ප්‍රකාශවලට පිළිතුරු දීමට සූදානම් නැති බව පවසන මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය තනිවම තීරණය කර ආරම්භ කළ යුද්ධයකට ප්‍රංශය මැදිහත් නොවන බවයි














