සම්බුද්ධ ශාසනය, මහා සංඝරත්නය සහ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද “මහ සඟ සමුළුව” අද (20) පස්වරුවේ කොළඹ 07, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී ආරම්භ විය. මව්බිම සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන රැසක
වර්තමානයේ බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එල්ල වන විවිධ අපහාස කිරීම්, තර්ජන සහ බෞද්ධ සංස්කෘතිය විකෘති කිරීමට දරන උත්සාහයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදුකරන සංවිධානාත්මක මඩ ප්‍රහාර සහ ශාසනික උරුමයන්ට එල්ල වන බලපෑම් හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොදු සම්මුතියකට එළඹීම මෙම සමුළුවේ අපේක්ෂාවයි.
මෙම සඟ සමුළුව පිළිබඳව අදහස් දක්වමින් බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සඳහන් කළේ, මහා සංඝරත්නය විසින් යහපත් චේතනාවෙන් ගනු ලබන තීරණ සහ සම්මුතීන් සඳහා රජයේ එකඟතාවය පළ කරන බවයි. ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම සාධනීය යෝජනාවකට රජයේ සහාය හිමිවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සහ ගිහි බෞද්ධ නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටිති.














