ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මෑතකදී බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කරගනිමින් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ ආශ්‍රිත සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා අමරපුර මූලවංශ නිකායේ මහනායක අතිපූජ්‍ය විමලධර්ම තිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඊයේ (19) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.
මෙම අවස්ථාවට අමරපුර මූලවංශ නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුල තිස්ස හිමි, උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක සියඹලාපිටියේ බුද්ධරක්ෂිත හිමි සහ උතුරුමැද පළාතේ අධිකරණ සංඝනායක ලෙව්කේ සධානිස්වර යන හිමිවරුන් ද වැඩම කර සිටියහ. මෙහිදී අදහස් දක්වමින් මහනායක හිමියන් සඳහන් කළේ, සිද්ධියට මුල් වූ කොටුව සම්බෝධි ජයන්ති විහාරය තම නිකායට අයත් විහාරස්ථානයක් බවත්, එහි විහාරාධිපති හිමියන් තම නිකායේ ශිෂ්‍ය හිමිනමක් බවත්ය.
මෙම සිදුවීමට අදාළව තම නිකායේ ශිෂ්‍ය හිමිවරුන් දෙදෙනෙකු ඇතුළු භික්ෂූන් වහන්සේලා සිවුනමක් සහ ගිහි පිරිසක් අත්අඩංගුවට පත්වීම පිළිබඳව උන්වහන්සේ මෙහිදී කරුණු පැහැදිලි කළහ. අනාදිමත් කාලයක සිට පැවත එන බෞද්ධ උරුමය රැකගැනීම සැමගේ වගකීමක් බව පෙන්වා දුන් මහනායක හිමියන්, මෙම සිද්ධියට මැදිහත් වූ බලංගොඩ කාෂ්‍යප හිමියන්ට ද සිය ස්තුතිය පුද කළහ. බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් වගකීමෙන් සහ විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.














