චීන රජයේ ආධාර මත කොළඹ නාගරික ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් ලෙස මහරගම ඉදිකෙරෙන නව මහල් නිවාස සංකීර්ණයේ වත්මන් ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ (09) නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර මහල් 7කින් සහ නිවාස ඒකක 112කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,020ක පිරිවැයක් ඇස්තමේන්තු කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ චයිනා හාබර් ඉදිකිරීම් සමාගම මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය 39%ක් වන අතර 2026 වසර තුළ මෙහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නිම කිරීමට අපේක්ෂිතය. අඩු හා මැදි ආදායම්ලාභී ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයන් මුහුණ දෙන නිවාස ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීම රජයේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්මේ ප්‍රමුඛ අංගයක් බවත් ඒ යටතේ ඉදිරි වසරවලදී තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














