මහවැලි කලාපවල වෙසෙන තරුණ තරුණියන්ගේ කලාත්මක කුසලතාවන් ඇගයීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “මහවැලි කලා උලෙළ සහ සම්මාන උළෙල” මෙවරත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ. මහවැලි ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය සහ නිර්මාණශීලීත්වය විදහා දක්වන මෙම අවස්ථාවට කලාප රැසක තරුණ නිර්මාණකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ කලාකරුවන්ගේ ආර්ථික ජීවිතය වඩාත් ශක්තිමත් කරමින් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවයි. එමෙන්ම සමාජය තුළ ජාතිවාදයට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවත්, කලාව තුළින් මිනිසුන් අතර සහජීවනය ගොඩනැගිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහවැලි ඉතිහාසයේ සහ සංස්කෘතියේ වටිනාකම අනාගත පරපුරට දායාද කිරීමට මෙවැනි උළෙලවල් මහත් පිටුවහලක් වන බව ද මෙහිදී සිහිපත් කෙරුණි.














