දකුණු පළාතේ ප්‍රබල දේශපාලන නායකයෙකු වූ හිටපු කැබිනට් අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.
දශක කිහිපයක කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සුවිශේෂී සලකුණක් තැබූ ඒ මහතා, වරාය, ගුවන් සේවා මෙන්ම ධීවර වැනි ප්‍රබල අමාත්‍යාංශ රැසක කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රටට සහ විශේෂයෙන්ම දකුණු පළාතේ ජනතාවට විශාල සේවාවක් ඉටු කළ නායකයෙකි.














