• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්දයි – හිටපු ජනපති මෛත්‍රිපාල

25 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ක්‍රියා කලාපය සහ හැසිරීම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද දින පාර්ලිමේන්තුව හමුවේ කරන ලද විශේෂ ප්‍රකාෂයක් කරමිනි.

එම ප්‍රකාශය මෙසේය ” ගරු කතානායකතුමනි, මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා බොහොම වේගවත් සංවේග ශීලී කතාවක් ඉදිරිපත් කරා
ගරු කතානායකතුමනි, මටත් අයිතියක් තිබෙනවා හිටපු ජනාධිපතිවරයා විදිහට මා පිළිබඳව එල්ල කරන චෝදනා වලට හිටපු ජනාධිපතිවරයා විදිහට පිළිතුරු දෙන්න.

අපි නං ගැහුවොත් ගහන්නේ නෑ, අපි නං ගැහුවොත් අනුකම්පා කරනවා, ගහගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි අපි. හැබැයි අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙවෙයි. වෙන විදිහකට ඒකත් මම කියන්න ඕනේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කල ප්‍රකාශය පිළිබඳ ව කිසි වැරද්දක් නෑ. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කිව්වා වර්තමාන ජනාධිපතිවරයා ආදර්ශයක් ලබා දීලා තිබෙනවා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ මගේ අවුරුද්දක වැය ශීර්ෂය විශ්ලේෂණයට අරගෙන ඒක අරගෙන රටට දෙන්නේ මම අනවශ්‍ය විදිහට මුදල් වියදම් කර තිබෙනවා කියලා. මාගේ කාලේ වැය කීපයක් කිව්වා. මම ගරු කතානායකතුමනි වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්නෑ.

මමත් ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරුන් ගමන් බිමන් ගිය හැටි, ගුවන් යානා පාවිච්චි කරපු හැටි, හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි, ඒවට මමත් ආදර්ශයක් දුන්නා.

ඒ නිසා ගහගන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඕන්නං ගහ ගමු, ගහ ගන්නවා නම් අපිත් ලෑස්තියි කියලා කිව්වනේ හැබැයි ඔය විදියට ගහගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක්.

1948 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්නේ පක්ෂවල සහයෝගය අරගෙන අතරමැදදී ඒ සහයෝගය කඩාගෙන බණ්ඩාරනායක මැතිනියගේ 75 ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලය දික්කර ගන්න ගිහිල්ලා ජනමතවිචාරණයක් තියලා ලලිත් ගාමිණී කැඩිලා ගිහිල්ලා අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි තැනකට පත් වෙලා. න්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කට්ටියක් ඒ කාලේ කඩාගෙන ගියා ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා 2014 මම සාධාරණ හේතු මත ආණ්ඩුවෙන් ඉවත් වුණා පොදු අපේක්ෂකයා විදිහට තරග කරා. ඒ ආණ්ඩුව පරාජය වුණා.

එ්නිසා මේ තුනෙන් දෙකේ බලය පිළිබඳව සහ ආණ්ඩුව කටයුතු කරන එක පිළිබඳව මීට වඩා බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධව කල්පනා කළ යුතුයි.

ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය තියෙන්නෙත් මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාහතර දෙනා මතයි.

එ්නිසා මෙහෙම ගහගන්න ඊළඟට එන ප්‍රතිඵලය මීට කලින් ආණ්ඩු අවුරුදු 50 ක් 60 ක් ඔප්පු කරලා තියෙනවා මොකද වෙන්නේ කියලා. පොදුජන පෙරමුණට සුළු පක්ෂ ගණනාවක් එකතු වෙච්ච සන්ධාන ආණ්ඩුවක් මේක හැමදාම ගහගෙන අවසානයේ සිද්ධ වෙන්නෙ ඒ ආණ්ඩුවට මොකක්ද කියන එක බොහොම පැහැදිලිව ඉතිහාසයේ තියෙනවා.

අපිටනන් ගහ ගන්න උවමනාවක් නැහැ අපි බොහොම අහිංසක මිනිස්සු.
මේ වැය ශ්‍රීර්ෂය ඉදිරිපත් කිරීම තුළ වෙන බලාපොරොත්තුවක් තියෙනවා ඊයේ දුමින්ද ඇමතිතුමා හම්බවෙලා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාගෙන් අහල තියෙනවා ඇයි මේ බොරු වාහන ගැන වැඩකට නැති කතා කියන්නෙ කියලා. එතකොට මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කියලා තියෙනවා දුමින්ද අපිත් ලොක්කව නග්ගන්න එපැයි ඒකයි මේ කියලා කිව්වා.

මම කියන්නේ ලොක්කාව නග්ගගන්න කැමති විදිහට ලොක්කගෙන් අහගන්න ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි අපිට ගහන්ඩ එපා ලොක්කව නග්ගන්න ක්‍රම තියෙනවා ඒක ඒ විදිහට කරගන්න අපිට ගහන්නෙ නැතුව.
ලොක්කගෙ නායකත්ව ආණ්ඩුවෙනෙ අපි ඉන්නේ ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ.
ඒ නිසා ප්‍රශ්න හදාගන්න ඇතිවුණු ඔය ගහගන්න බොක්සින් ඒ දේවල් වලට මම නැහැ.
හැබැයි මට තාමත් හොඳට පුළුවන්.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයෙක්, මම හිටපු ජනාධිපතිවරයෙක්, දයාසිරි හිටපු මහ ඇමැති වරයෙක්, කැබිනට් ඇමතිවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඒ නිසා අපි ප්‍රබුද්ධ විදිහට හැසිරෙන් වැදගත් විදිහට අපි කතා කරමු තත්වයට ගැලපෙන්න අපි කතා කරමු.

අනිත් එක මගේ ගේ ගැන කතා කරනකොට අනිත් ජනාධිපතිවරුන්ගේ ගෙවල් ගැන හොයාගන්න මගේ ඒවා හොයා ගත්තා වගේ ම වෙන ඒවත් හොයාගන්න ඒව ගැනත් කතා කරන්න ඒ විදිහට කරන්න. අනිත් එක මේ වැය ශීර්ෂය අරගෙන පෙන්නන්න හදන දේ මම විදේශ ගමන් කියපු දේවල් ගැන ගොඩක් පැහැදිලි කරා හැබැයි ඉතින් කොරෝනා එක්ක ලෝකේ ගොඩාක් රටවල රාජ්‍ය නායකයන් ගෙන් විදේශ සංචාර නැවතුනා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ සමුළුව පැවැත් වුණේ නෑ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව පැවැත් වුණේ නෑ විදේශ සංචාර තිබුණෙ නැහැ. ඉතින් ඒ නිසා ලෝකයේ සියලූ රාජ්‍ය නායකයන්ගේ වියදම් අඩු වුණා.

ඒ නිසා සභානායකතුමාගේ වගකීම මේ වගේ තත්ත්වයට පත් නොවෙන තැනට වග බලා ගන්න එක.
අනිත් එක තව එක දෙයක් කිව්වා ගොවි පෙළපාලි සංවිධානය කරලා ශාක සමිති හැදුවා කියලා ව්‍යංගාර්ථයෙන් කිව්වා මගේ නම නොබිව්වත් මට තමයි ඔය ප්‍රකාශ කළේ.

ඔය රොෂාන් රණසිංහ මැතිතුමා කියපු කතාවක් අල්ලගෙන තමයි ඔය කතාව මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා කියන්නේ.
ගරු කතානායකතුමනි, කණගාටුවෙන් වුනත් මට කියන්න එක දෙයක් තියෙනවා මේ අහ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කීවා, පාර්ලිමේන්තුවට බොරු කිව්වා පාරිභෝගිකයාට බොරු කිව්වා, ජනතාවට බොරු කිව්වා, රටට බොරු කිව්වා, ගොවියන්ට බොරු කිව්වා.

ඒ නිසා තමයි මේ ආණ්ඩුව මහා අවුලකට පත් වුණේ කෘෂිකර්මාන්තයේ ලොකු ප්‍රශ්නයකට ගෙන ගියේ මහා අවුලක් ඇතිවෙලා ආණ්ඩුව අප්‍රසාදයට ම පත්වුණේ ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව ඔබතුමාගේ ක්‍රියා කලාපය සහ ඔබතුමාගේ හැසිරීම් අනිත් එක පඹයෝ හතර ගුටි කෑවේ ගත්තෙ ගොවි ජනතාව වෙගෙන් නෙවෙයි ඒව කරගත්තේ ඔබතුමා.

ඔබතුමා හැමවෙලේම කතා කරනකොට කියනවා මල් ළඟ බඩු තියෙනවා මල් ළඟ බඩු තියෙනවා අපි දන්නවා ඔය කතා කරන විදිය බඩු තියෙන මිනිස්සු ඒවා එළියට නොදා ඉන්න එළියට දානවනෙ අපි දන්නවා ඔයා හොදට මට දේශපාලනය හොඳ පරිණත අත්දැකීම් තියනවා අපි දන්නවා කතා කරන විදිය හොඳට ඒ නිසා මීට වඩා මම වැඩිය කතා කරන්න ලෑස්ති නැහැ ස්තුතියි.

Post Views: 1
Previous Post

මාර්ග සංවර්ධනය පිළිබඳ ජනපති දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරනවා – මහාමාර්ග අමාත්‍යංශය ලේකම්

Next Post

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි

editor

editor

Next Post

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved