• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Mahindra IDEAL Finance නවතම ශාඛාව පිළියන්දලදී විවෘත වේ

8 December 2023
in ව්‍යාපාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී විවෘත කෙරිණ.

තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කර තිබේ. අංක 64/1, හොරණ පාර, පිළියන්දල යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, Mahindra IDEAL Finance Limited ශාඛා ජාලයේ 31 වැනි ශාඛාවයි.

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට, තම අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මේ ආකාරයට තම ශාඛා ජාලය පුළුල් කිරීමට Mahindra IDEAL Finance Limited පියවර ගෙන තිබේ. පිළියන්දල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරවලින් එකක් වන අතර, එම නගරයේ සහ ඒ තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට මින් ඉදිරියට ඉතාමත් පහසුවෙන් Mahindra IDEAL Finance Limited හි මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම සම්බන්ධයෙන්, Mahindra IDEAL Finance Limited හි නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වී ය. “අපගේ ඉදිරි ගමන සවිබලගැන්වීම සහ සැමට සෞභාග්‍යය යන තේමාවන් මුල්කරගත් ගමනක්. මේ ආකාරයට පිළියන්දල ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීම, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. පිළියන්දල යනු වාණිජ හා කාර්මික ක්‍රියාකාරකම් බහුලව සිදුවන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ටතම සේවාවක් සලසන අතරම, ප්‍රදේශයේ සිටින දක්ෂ හා නවක වෘත්තිකයන්ට ජාත්‍යන්තර තලයේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.”

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රථවාහන ලීසිං, රන් ණය සහ Speed draft සේවා ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. Mahindra IDEAL Finance Limited යනු ඉන්දියාව පදනම් කරගත්, ලොව දැවැන්ත මූල්‍ය සේවා සමාගමක් වන Mahindra & Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමකි.

ඉදිරියේදී දිවයිනේ වාණිජ වශයෙන් වැදගත් වන සෑම ප්‍රදේශයකම පාහේ තම ශාඛාවන් විවෘත කරමින්, ජනතාවට වඩාත් පහසුවෙන් තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම Mahindra IDEAL Finance සමාගමේ අරමුණ වී ඇත. මෙම අරමුණ ඔස්සේ ඉදිරියට යන අතර, අඛණ්ඩව වසර 4 ක් තිස්සේ බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිරීමට සුදුසුම ආයතනයක් ලෙස Great Place to Work පිළිගැනීම හිමිකරගැනීම ඇතුළු තවත් ජයග්‍රහණ රාශියක් වාර්තා කරගැනීමටද Mahindra IDEAL Finance සමාගම සමත් වී තිබේ.

PR

Post Views: 11
Previous Post

DFCC බැංකුව 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි

Next Post

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved