• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

30 March 2024
in දේශීය, පුවත්
මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය දිගින් දිගටම දේශපාලනීකරණය සිදුවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වුණ වින්දිතයන්ගේ වේදනාව දේශපාලනීකරණය කරන බවක් පෙනෙනෙන්ට තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ හෙළි නොකර සිටිම වරදක් බවත් වහාම මෙම සිද්ධිය පිළිබඳ දන්නා තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ කතෝලික ජනතාවට සාධාරණයක් ඉටු කරන්න ලෙසත් කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

සමගි ජනබලවේග ආණ්ඩුවක් බිහිවුණ සැණින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ නිලධාරින් එම තනතුරු වලට නැවත පත් කර පරීක්ෂණ නැවත ආරම්භ කරන බවද ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය ‘‘මීට වසර 5 කට පෙර 2009 අප්‍රේල් 21 වැනිදා කතෝලික ජනතාව ඉලක්ක කරගෙන සිදුවුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් කතෝලික ජනතාව 300 කට ආසන්න පිරිසක් ඝාතනය වුණා. 500 ක ආසන්න පිරිසක් තුවාල ලැබුවා. එවැනි මොහොතක පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සහ මහ මොළකරු පිළිබඳව කරුණු දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ප්‍රකාශයක් සිදුකළා. ඒ කරුණු අධිකරණයක් තුළදී හෙළි කරන්න සුදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. පාස්කු ප්‍රහාරය සිදුකළ පිරිස පිළිබඳව තොරතුරු දන්නේනම් ඒ තොරතුරු හෙළි කරලා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍යයි. ඒ අනුව සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා පැය 5 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව අප්‍රේල් 4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය දන්වා තිබෙන බවත් වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී තමයි පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය සිදුවුණේ. ඒ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් කිව්වේ ප්‍රහාරය ගැන දැනගෙන හිටියා නමුත් ප්‍රහාරය මෙතරම් දරුණු වෙයි කියලා හිතුවේ නැ කියලා. ඒ වගේම පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු පවා වාර්තා වෙලා තිබුණා. ඒ වගේම යම් යම් උසස් පොලිස් නිලධාරීන්ට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරුතරු ලැබිලා තිබුණ බව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් වනවා. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේනට අනාවරණය කළාද යන්න නිලන්ත ජයවර්ධන ගෙන් ජනාධිපති කොමිසන් සභාවේදී ප්‍රශ්න කරන විට ඔහු නිහඩව සිටි බව අනාවරණය වෙනවා. මේ තොරතුරු දෙස බලන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරය පිළිබඳව යම් දැනුමක් තියෙන්න ඇති කියලා අපිට අනුමාන කරන්න පුලුවන්. ඒ වගේම ඒ පිළිබඳව අපිට සැකයක් තිබෙනවා. එවැනි අවස්ථාවක තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ පිරිස පිළිබඳ තොරතුරුක් තුන්වෙනි පාශ්වයෙන් ලැබුණා කියලා.

මේ තොරුතරු සති තුනකට කලින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අනාවරණය වු බව ඔහු පවසනවා. එසේනම් ඇයි මේ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන හෙළි නොකළේ. හෙළි දරව් කිරිම නොසිටිම අපරාධමය වරදක්. සති තුනක් තුළ තොරතුරු වසන් කරන්න පුලුවන්. සාක්ෂි වසන් කරන්න පුලුවන් , අපරාධකරුවන්ට පැන යන්න පුලුවන් , එවැනි තත්ත්වයක් ඇති වෙයිද කියලා අපිට සැකයක් තිබෙනවා. අධිකරණයට මේ තොරතුරු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරලා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය කතෝලික ජනතාවට තුවලා වුණ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න කල් ගන්න එපා කියන ඉල්ලිම කරනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය රටට හෙළි කරන බව සජිත් ප්‍රේමදාස නායකතුමා කතෝලික සභාවට කතාලෝක ජනතාවට ප්‍රතිඥාවක් ලබාදිලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ නැවත ආරම්භ කරලා ඒ පරික්ෂණ ආරම්භ කරලා පරික්ෂණ ආරම්භ කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ නිලධාරින් එම තනතුරු වලට පත් කරලා බවත් සජිත් ප්‍රේමදාස නායකතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මෙම පරීක්ෂණ වලට ජාත්‍යන්ත සහයෝගය අරගෙන ජාත්‍යන්තරයේ විමර්ශනකරුවන් සමඟ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සිදුකරන බව විපක්ෂනායකතුමා පොරොන්දු වෙලා තිබෙනවා.

සමගි ජනබලවේග රජයක් තුළින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාති පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරිම හරහා මෙම පරීක්ෂන සිදුකළ හිටපු පොලිස් නිලධාරීන්ට නැවත වගකීම් භාර දීමට කටයුතු කරනවා. දේශපාලන අතපෙවීම් නොමැතිව මෙම පරීක්ෂණ සිදුකරන්න , ජාත්‍යන්තර බුද්ධි ආයතන කැඳවලා මෙම පරීක්ෂණ නැවත ආරම්භ කරන කටයුතු කරනවා. 2024 පෙබරවාරි 11 සමගි ජනබලවේගයේ නීතිඥ සමුළුවේදී ලිඛිත ප්‍රතිඥාවක් ලබාදුන්නා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය නැවත සිදුකරන බවට. පාස්කු ප්‍රහාරය සිදුවුණේ දේශපාලන කුමන්ත්‍රණයක් හරහා බවට අපට සැයක් මතුවෙලා තිබෙනවා. ඒ පිළිබඳව දිගින් දිගටම සඳහන් වෙනවා. ඒ පිළිබඳ කතෝලික සභාවත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා.පාස්කු ප්‍රහාරය හරහා ඇතැම් දේශපාලන පක්ෂවලට ප්‍රතිලාභයක් ලැබුණා. ඒ තුළින් තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ. ඒ නිසා පැහැදිලිව පේනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිගින් දිගටම දේශපාලනීකරණය සිදුකරනවා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නැවත පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ වේදනාය දේශපාලනීකරණය කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපි කිසිදවසක එම ප්‍රහාරය භාවිතා කරලා දේශපාලනය කළේ නෑ. මෙම ප්‍රහාරය සිදුකළේ දේශපාලන අරමුණක් හේතුවෙන් බව පැහැදිලියි. මෙම ප්‍රහාරයට ගොදුරුවුණ පිරිසට සාධාරණත්වයක් ඉටු නොකරනවා කියන්නේ එයත් දේශපාලන අරමුණක් සඳහා බව අපිට අනුමාන කරන්න සිදුවෙනවා.

ඒ වගේම මේ ප්‍රහාරයෙන් පසුව රටේ ආගමික අසමගිය ඇති කරන්න බොහෝ දෙනෙක් කටයුතු කළා. මුස්ලිම් ජනතාව අතර , කතෝලික ජනතාව අතර , බෞද්ධ ජනතාව අතර භේද ඇතිකරන්න විශාල පිරිසක් උත්සහ කළා. ඒ අවස්ථාවේ මේ රට ලේ විලක් වෙන්න ගිය වෙලාවේ රට බේරා ගත්තේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්. මේ පිළිබඳව අපේ රටේ ජනතාවට අමතක වෙලා නෑ කියලා අපි හිතනවා. අපි කවදාවත් පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරලා නෑ. නමුත් මෙම ප්‍රහාරය දේශපාලනීකරණය කරන අයගේ ක්‍රියාකලාපය දෙස බලාගෙන ඉදලා කට වහගෙන ඉන්න සුදානමක් නැ. අපි සටන් කරන්නේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්. ඒ අයිතියට පිටුපාන්න කාටවත් බෑ.

ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටි කාලයේ පොරොන්දුවක් වුණා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳව පරික්ෂණයක් කරනවා කියලා. ඒ පිළිබඳව ලිඛිතව ඉල්ලීම් කළේ හරින් ප්‍රහාන්දු සහ මනූෂ නානායක්කාර. ඒ පිළිබඳව ඒ සියලු දෙනාටම දැන් අමතක වෙලා තිබෙනවා. මේ ගැටලුව නීතිය ඉදිරියට ගොස් විසඳගන්න කටයුතු අපි දිගටම කටයුතු කරනවා.‘‘ යැයි මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසිය.

Post Views: 9,558
Previous Post

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

Next Post

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

editor ttvnews

editor ttvnews

Next Post
ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved