ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් නතර නොවුණහොත් ශ්‍රී ලංකාව මීට වඩා බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණ දීමට ඉඩ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. එබැවින් පවතින යුද්ධයන් නතර කර ගැනීම සඳහා ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන් වහාම මැදිහත් විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
මෙම ගැටලුකාරී තත්ත්වය නිසා අද වන විට වැඩිපුරම දුක් විඳින්නේ යුද්ධය පවතින රටවල්වලට වඩා යුද්ධය නොමැති රටවල් බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, එලෙස යුද්ධයකට සෘජුව මැදිහත් නොවූ රටවල් පවා මේ වන විට විශාල ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් කළා. එසේම ලොව පුරා පවතින මෙවැනි විනාශකාරී යුද්ධයන්ට එරෙහිව මේ වන විට බොහෝ රටවල දැඩි විරෝධතා මතුවෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (මාර්තු 31) මාධ්‍ය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනුයි.














