රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම තනිකරම දේශපාලන පළිගැනීමක් බව හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි. අද (26) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් කළ නිලධාරියෙකු මෙලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම “ගුණමකු” ක්‍රියාවක් බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෝ ඉන් අනතුරුව පත්කළ කිසිදු කමිටු වාර්තාවක සලේ මහතාගේ නම සඳහන්ව නොතිබූ බව පෙන්වා දෙන වීරසේකර මහතා, මෙම ක්‍රියාව හරහා ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බුද්ධි නිලධාරීන් අධෛර්යමත් වන බව ද සඳහන් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු මොහොතක, පළපුරුදු බුද්ධි නිලධාරීන් ඉලක්ක කිරීම බරපතළ ගැටලුවක් බව ද මෙහිදී ප්‍රකාශ විය.













