• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් කරනවා – ඇමති ප්‍රසන්න

14 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේම එය දියුණු තාක්ෂණය භාවිතා කරමින් නූතන ලෝකයට ගැලපෙන ලෙස මිනුවන්ගොඩ නගරය සංවර්ධනය කළ යුතු බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී මිනුවන්ගොඩ නගර සංවර්ධනය සම්බන්ධයෙන් අද (14) පැවති සාකච්ඡාවකදීය.

මීට පෙර සියක් නගර සංවර්ධන සැලසුම යටතේ මිනුවන්ගොඩ නගරය අලංකාර කර තිබේ.

මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස් කරනුයේ නාගරික සංවර්ධන අධිකාරීයේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් විසිනි. නගරය සංවර්ධනය කිරීමේදී නගරයේ පිහිටි කුඹුරු ඉඩම් ඇතුළු ස්වාභාවික පරිසරයට හානියක් නොවන ලෙස සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

මෙම නගරය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සමීපව පිහිටා ඇති බැවින් එහි වාණිජමය වටිනාකම ඉතාම ඉහළ අගයක් ගනී.

එබැවින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී අවධාරණය කළේ නගර සැලසුම සකස් කිරීමේදී වාණිජමය වටිනාකම වැඩිවන ආකාරයට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස් කරන ලෙසයි.

එමෙන්ම මිනුවන්ගොඩ නගරය මඟහැර ඉතාම පහසුවෙන් ගුවන්තොටුපළ වෙත ළඟාවීම සඳහා මිනුවන්ගොඩ නගරය ආසන්නයේ පිහිටි අඹගහවත්ත ප්‍රදේශයේ සිට ගුවන්තොටුපළ දක්වා නව මාර්ගයක් ඉදිකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී නාගරික සංවර්ධන අධිකායේ නිළධාරීන් සඳහන් කළේ නගර සංවර්ධනයට මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි අක්කර නවයක විශාලත්වයකින් යුතු ඉඩමක් පවරාගත යුතු බවයි.

ඒ අනුව පුද්ගලික රෝහල්, රථගාල්, නව වෙළඳ සංකීර්ණ, ක්‍රීඩාංගන, විනෝද උයන් ආදියෙන් සමන්විතව නගරය සංවර්ධනය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියට යටත්ව එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය අවසරය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන් ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නගර සංවර්ධනයේදී මතුවන ගැටළු විසඳීමට කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසද හෙතෙම පැවසීය.

මිනුවන්ගොඩ නගර සභාවේ දැනට ඇති මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් නගර සංවර්ධනයේ මූලික සැලසුම් ආරම්භ කරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට තමන් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බව ද කීවේය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලලිත් විජේරත්න, මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකර මහත්වරුන් සහ රාජ්‍ය ආයතන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 2
Previous Post

ජනපති සැප්තැම්බර් 21 වන දා ජගත් සමුළුව අමතයි

Next Post

IMF පළමු සමාලෝචනය අද ඇරඹුනා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

IMF පළමු සමාලෝචනය අද ඇරඹුනා - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved