• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරනවා – රාජ්‍ය ඇමැති සිසිර

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රට තුළ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය තුළ නව ප්‍රවණතා රැසක් සිදු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ” මෙම යුගය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුනර්ජීවන යුගයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් පසුගිය කාලයේ අප පුළුල් වැඩකොටසක් ඉටු කළා. අපේ ර‍ටේ දේශීය වෛද්‍ය සේවාව ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලෙස දීර්ඝ කාලයක් පැවතුණා. ඉන් ඔබ්බට ගොස් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස වාණිජ වටිනාකමක් සහිතව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් එළැඹෙන සැප්තැම්බර් 08,09 සහ 10 දිනවල දේශීය වෛද්‍ය අධ්‍යාපන හා වෙළෙඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් හා සමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනයට විවිධ රටවල නියෝජිතයන් සහභාගී වෙනවා. අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය වෙළෙඳපොළ සොයා බැලීම සහ ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ද මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතයි. එසේම සතිමත් බව තුළින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් කේන්ද්‍රකරගත් වැඩසටහනක් අද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා. මෙරට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 2500කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. 1961 දී ඇතිකළ ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියමයන්ට යටත්ව ආයුර්වේද පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හා විදේශ විනිමය උත්පාදනයට අවශ්‍ය ඖෂධීය ශාඛ වගා කිරීම පිළිබඳ වූ වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවක් ඇති කර ගැනීම සඳහා එහි සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් රැසක් අප සංශෝධන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ද ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපේ රටේ 25,000කට අධික ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සිටින අතර ලියාපදිංචි නොවූ විශාල පිරිසක් ද සිටිනවා. පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම සඳහා ගමින් ගමට යන වැඩසටහනක් අමාත්‍යාංශය විසින් පසුගියදා ආරම්භ කළා. ඒ අනුව වයස අවුරුදු 70ට වඩා වැඩි පාරම්පරික වෛද්‍යවරුන්ට විභාගයකින් තොරව ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන අතර වයස අවුරුදු 45ට වඩා වැඩි ලියාපදංචි නොවූ පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වාචික පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මීට පෙර එම පහසුකම ලැබී තිබුණේ නැහැ. පාරම්පරිකව දැනුම රැගෙන එන බොහෝ වෛද්‍යවරුන්ට ලිඛිත විභාගයක් පිළිබඳ ගැටලු පැණ නැගුණු නිසා, වාචික විභාගයක් මගින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර අදාළ ලියාපදංචිය සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් අප මෙලෙස සපයා තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලෙස අප උත්සාහ කරන්නේ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමටයි. ආයුර්වේද සංස්ථාව දිර්ඝකාලයක් ගැටලුවලට මුහුණ දුන් ආයතනයක්. එම තත්ත්වය ඉතා මැනවින් කළමනාකරණය කර ගනිමින් අද වන විට ලාභ ලබන තත්ත්වයට සහ ආර්ථික වශයෙන් ඉතා සුබදායක තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් ආයුර්වේද සංස්ථාව අපනයන ක්ෂේත්‍රයට අවතීරණ වීමත් මේ වන විට සිදුව තිබෙනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් එහා ගිය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමයේ දායකත්වය සංචාරක හෝටල්වලට ලබාදීම සඳහා ද නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඉතා හොදින් පුහුණු කළ සහතික ලත් තෙරපිවරුන් බිහි කරමින් එම වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ඇදහිය නොහැකි විදේශ විනිමයක් උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අද ලෝකය පුරාම ශාඛ සාර නිෂ්පාදනවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අද බිලියන ගණනක් සැරිසරන ක්ෂේත්‍රයක්. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ වගේම විවිධ රෝගාබාධ සඳහා ශාඛසාර මත පදනම් වූ ඖෂධවලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මේ සියල්ල සමඟම අපේ සංස්කෘතිය සමඟ දීර්ඝ කාලයක් පුරා පෝෂණය වූ දැනුම් පද්ධතියක් අපට තිබෙනවා. එසේම එම දැනුම සමඟ මුසු මූ නව පර්යේෂණ මත තහවුරු කළ ආයුර්වේද ක්‍රමවේද තිබෙනවා. මේ සියල්ල ඒකාබද්ධ කර ගනිමින් අපේ රට ගොඩනැඟීමට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයෙන් හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

සීනි බදු වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිසි ලෙස මැදිහත් වුණා- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානයට පොස්පේට් ආයතනය සේවකයින්ගෙන් දැඩි විරෝධයක්

editor

editor

Next Post

ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානයට පොස්පේට් ආයතනය සේවකයින්ගෙන් දැඩි විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved