උදාවීමට නියමිත සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග ඔස්සේ ගම්බිම් බලා යාමට පැමිණි විශාල ජනතාවක් හේතුවෙන් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉතා කාර්යබහුල ස්වභාවයක් ගෙන තිබේ. උත්සව සමය වෙනුවෙන් කොළඹ සහ ඒ අවට රැකියාවල නිරත පිරිස් මෙලෙස සිය ගම්බිම් බලා යාමට පැමිණීම නිසා මධ්‍යස්ථානය තුළ මගී තදබදයක් නිර්මාණය වී ඇත.
මගීන් විශාල සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් බස් රථවලට ගොඩවීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණද, ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කරයි. මේ නිසා දිගු පෝලිම් පැවතියද මගීන්ට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සිය ගමනාන්ත කරා යාමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයකි.
අධිවේගී මාර්ග ඔස්සේ ගමන් ගන්නා බස් රථ සේවා ශක්තිමත් කර ඇති බැවින්, ඉදිරි දින කිහිපය තුළද මෙලෙස ගම්බිම් බලා යන මගීන් සඳහා උපරිම සේවාවක් ලබා දීමට ප්‍රවාහන මධ්‍යස්ථානය සූදානමින් සිටියි. පොලිස් නිලධාරීන් සහ ප්‍රවාහන නිලධාරීන් එක්ව මගී ජනතාව කළමනාකරණය කරමින් ගමනාගමන කටයුතු විධිමත් කිරීමට කටයුතු කරමින් සිටිති.














