හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත SFG 87 වර්ගයේ ජීව අත්බෝම්බයක්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 17ක්, හිස් උණ්ඩ කොපු 17ක්, පුහුණු උණ්ඩ 03ක් සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටල සමඟ බූට් සපත්තු ජෝඩු සන්තකයේ තබාගෙන සිටි 46 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය සහ හමුදා ඇඳුම් සන්තකයේ තබාගැනීමේ අරමුණ පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විට දැඩි අවධානය යොමු කරමින් පරීක්ෂණ පවත්වයි.














