රියල් මැඩ්රිඩ් (Real Madrid) කණ්ඩායමට එරෙහිව හෙට (17) පැවැත්වෙන තීරණාත්මක චැම්පියන්ස් ලීග් තරගයේදී ජයග්‍රහණය කිරීමට නම් සිය කණ්ඩායම “පරිපූර්ණ” ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ යුතු බව මැන්චෙස්ටර් සිටි (Manchester City) පුහුණුකරු පෙප් ගාඩියෝලා පවසයි.
පසුගිය සතියේ මැඩ්රිඩ්හිදී පැවැති පළමු වටයේ තරගයෙන් 3-0ක් ලෙස පරාජය වීම හේතුවෙන් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දී සිටියි. අඛණ්ඩව තුන්වන වරටත් රියල් මැඩ්රිඩ් කණ්ඩායම හමුවේ පරාජය වී තරගාවලියෙන් ඉවත් නොවීමට නම්, චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්ටතම නැවත පැමිණීම (Fightback) ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ට සිදු වේ.
මෙය ඉතා අසීරු කාර්යයක් බව පිළිගන්නා ගාඩියෝලා, සිය ක්‍රීඩකයින් උපරිම දක්ෂතා අතරට පැමිණියහොත් පමණක් මෙම බාධකය ජයගත හැකි බව විශ්වාසය පළ කරයි.














