මන්නාරම සහ මුල්ලිකුලම් අතර කිලෝමීටර 28ක් දිගැති කිලෝවෝල්ට් 220ක ද්විත්ව පරිපථ විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ දැවැන්ත කොන්ත්‍රාත්තුව JSL සහ Fentons බද්ධ ව්‍යාපාරය (ISL & Fentons Joint Venture) වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉන්දියාවේ ජ්‍යෝති ස්ට්‍රක්චර් ලිමිටඩ් (Jyoti Structure Limited) සහ ශ්‍රී ලංකාවේ හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons Limited) යන සමාගම් එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 2,269.18කි. ජාත්‍යන්තර තරගකාරී ලංසු පහක් අතුරින් අවම ලංසුකරු ලෙස තේරී පත්වූ මෙම සමාගම හරහා මුල්ලිකුලම් සුළං විදුලි ව්‍යාපෘතියේ බලශක්ති සම්ප්‍රේෂණ කටයුතු විධිමත් කිරීමට රජය අපේක්ෂා කරයි.














