මාතලේ යාපනය ඒ නවය මාර්ගයේ මාතලේ බලකඩුව බලන දුර්ගය අසළ කුණු දැමිම නිසා පරිසර ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින බව ප්රදේශවාසිහු කියයි.
සත්ව වෙළදැසල්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය මෙසේ ගෙනවිත් දැමිම නිසා දැඩි දුර්ගන්ධයක් හමන බව ප්රදේශවාසිහු පවසයි.
ඔවුන් පවසන්නේ මහනුවර ප්‍රදේශයේ ඇති ගවමස් වෙළදසැල්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය ගෙනවිත් දැමිම නිසා උග්‍ර පරිසර හානියක් ප්‍රදේශයේ සිදුව ඇති බවත් මේ නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවය.
එම ප්‍රදේශය හරහා ගලා යන පරගෙඩි ඔයට මෙම කුණූ දැමිම නිසා ඔය භාවිතා කරන පිරිස්ද දැඩි අපහුසාතවයට පත්ව සිටින බවත් වැසි දිනවල විශාල වශයෙන් කැළි කසළ පොලිතින් රැදිම නිසා ගැටලු රැසකට මුහුණා පා සිටින බවද ඔවුහු කියයි.
මිට පෙරද අවස්ථා ගණනාවකදි අදාළ බලධාරින් දැනුවත් කළ බවත් විටින් විට තාවකාලික පියවර ගත්තද ඇතැම් ජනතාව සිය නිවසින් බැහැර කරන කුණු කසළ මෙසේ ගෙනවිත් දැමිම පුරුද්දක් කරගෙන සිටින බවද ජනතාව පවසයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න