• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍යයි – ජනපති

9 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබා තිබිය යුතු අතර වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

නව ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබීය.

මෙම වැඩිවීමෙන් වුව ද උසස් පෙළ සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටී. මෙයට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි.

අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළයුතුය. මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බව ද පෙන්වා දුන්නේය. ඒවා බොහොමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති අතර එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය නොකිරීමට කිසිඳු හේතුවක් නැති බවත්, මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එය ද සිදුකළ හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති අතර උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ තෘතියික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකිය. ඒ අනුව කාලයත් සමග ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස් සිදු කිරීම බවද පැවසීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ආරක්ෂක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උප කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යදන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

ත්‍රී රතන” මැලේසියා හා ශ්‍රී ලංකා සමාජ සේවා ආයතනය විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

කඩු 03 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

editor

editor

Next Post

කඩු 03 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved