මරදන්කඩවල පොලිස් වසමට අයත් කිල්ලිවෙට්ටිකුලම ප්‍රදේශයේදී වතුර වළකට වැටීමෙන් 6 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි. ඊයේ (07) රාත්‍රියේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය ළමයා සිය සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ නිවසට නුදුරින් පිහිටි ඉදිවෙමින් පවතින නිවසක පක්ෂීන් ඇල්ලීමට ගොස් ඇති බවයි. එහිදී, අඩි 7ක් පමණ ගැඹුරු, ආවරණය නොකළ, ජලය පිරී තිබූ වතුර වළකට වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මියගිය ළමයා මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.















