මරදංකඩවල පෙරියකුලම විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී, හදිසියේ බඹර කූඩයක් ඇවිස්සීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. එහිදී විභාග රාජකාරියේ යෙදී සිටි ශාලාධිපතිවරයාට මෙන්ම ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට සහ නිලධාරිනියකට බඹරුන් දෂ්ට කර ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.
බඹර ප්‍රහාරයට ලක් වූ ශාලාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. කෙසේ වෙතත්, විභාගය පැවැත්වෙන අවස්ථාවේදී මෙම බඹර කූඩය ඇවිස්සීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානය තුළ යම් බාධාකාරී තත්ත්වයක් මතු වූ අතර පසුව විභාග කටයුතු යථා පරිදි පවත්වාගෙන ගොස් තිබේ.
විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුව, වනජීවී නිලධාරීන් එම ස්ථානයට කැඳවා පාසල් පරිශ්‍රයේ තිබූ බඹර කූඩය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මරදන්කඩවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සපයා තිබේ.














