සාමාන්‍ය ජනතාව සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවත්, ඔවුන් වෙනුවෙන් කිසිදු විශේෂ සැලකිල්ලක් මෙතෙක් හිමිව නොමැති බවත් විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආරක්ෂක අංශ මඟින් හෝ වෙනත් කිසිදු මූලාශ්‍රයකින් තමන්ට විශේෂිතව ඉන්ධන ලබා නොදෙන බවයි. ඇතැම් මාධ්‍ය පාර්ශව මන්ත්‍රීවරුන් කෙරෙහි වෛරී සහගත ආකල්පයක් පතුරුවා හැරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඔවුන් ස්වේච්ඡාවෙන් සේවය කරන පිරිසක් ලෙස පෙනී සිටීමට උත්සාහ කළද නියමිත දිනට වැටුප් සහ වාර්ෂික වැටුප් වර්ධක අපේක්ෂා කරන බව ද පවසා සිටියේය.














