නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරීම සඳහා සූදානම් කර තිබූ දැවැන්ත ගෝඩා තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සමත්ව තිබේ. මෙම වැටලීම ඊයේ (11) සවස පමුණුගම පොලිස් වසමේ නුගපේ ප්‍රදේශයේදී සිදුකර ඇත.
ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී බරල් 14ක අසුරා තිබූ ගෝඩා ලීටර් 2646ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58ක් වන සෙදල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ ගෝඩා තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පමුණුගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. පමුණුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














