ඌව පළාත තුළ ව්‍යාප්ත වී ඇති ගංජා, විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් උවදුර සම්පූර්ණයෙන් තුරන් කිරීම ඉලක්ක කරගත් විශේෂ මෙහෙයුමක් හෙට (14) ආරම්භ කිරීමට නියමිතය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුමේ සමාරම්භක උත්සවය තණමල්විල පොලිස් ස්ථානයේදී පැවැත්වේ.
මෙම මෙහෙයුම යටතේ ගංජා වගාවන් වැටලීම පමණක් නොව, ප්‍රදේශය පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පාලනය කිරීමට ද විශේෂ අවධානයක් යොමු කර ඇත. මත්ද්‍රව්‍යවලින් තොර ඌව පළාතක් බිහි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගෙන තිබේ.














