මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කරන කෘෂි නවෝදය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරමින්, ආහාර සුලභ කිරීම සදහා මධ්‍යම පළාතේ පළාත් වගා දිනයක් ප්‍රකාශයට පත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
පළාත් සභාවේ රාජ්‍ය ආයතන සහ මධ්‍යම රජයේ ආයතන ඒකාබද්ධව එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුකිරීම සදහා සතියේ එක් දිනක් භෝග වගාව සදහා යොදාගැනීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා පවසයි.
ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පවතින අභියෝගකාරී ආර්ථික වතාවරණය තුල හෙට දවස වෙනුවෙන් අද සිටම සියලු දෙනා එක් ව වැඩ කළ යුතු බවයි.
දේශීය ආර්ථිකය කෙතරම් ශක්තිමත් ව පැවතුනා ද යන්න අතීතය දෙස හැරී බැලූ විට පසක් වන අතර, ලෝකයේ දියුණු රටවල් වලට පවා සහල් අපනයනය කළ අප රට අද වන විට විදේශයන්ගේ ආනයන මත යැපීමට සිදුවීම කණගාටුවට කරුණක් බව හෙතෙම පැවසිය.
වර්තමාන තරුණ පරපුරද දායක කර ගනිමින් දේශීය ආර්ථීකය සවිබලගැන්වීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම සිදු කළ යුතුව පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මාතලේ මහේෂ් කිර්තිරත්න