මාතලේ ප්‍රදේශයේ ජාතික පාසලක 14 හැවිරිදි පිරිමි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබූ එම පාසලේම විදුහල්පතිවරයා අද (31) උදෑසන මහවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි, මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) දින මහවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. පැමිණිල්ල ලැබීමත් සමඟ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවූවද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇත.
කෙසේ වෙතත්, සැකකාර විදුහල්පතිවරයා සැඟව සිටින ස්ථාන පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් රාත්‍රී කාලයේදී පොලීසියට තොරතුරු ලබා දී ඇති අතර, පොලිස් කණ්ඩායම් එම ස්ථාන සෝදිසි කරමින් සිටින අතරතුර අද උදෑසන සැකකරු පොලීසියට පැමිණ භාර වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














