ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ’ (Regime Change) ආක්‍රමණශීලී ප්‍රතිපත්ති හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව රුසියාවේ හිටපු ජනාධිපති සහ වත්මන් ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙඩ්විඩෙව් (Dmitry Medvedev) පවසයි. TASS පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ තාක්ෂණික වශයෙන් මෙතෙක් මහා යුද්ධයක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, ට්‍රම්ප්ගේ “උමතු ගමන් මග” හේතුවෙන් ඕනෑම මොහොතක එවැනි ගෝලීය ගැටුමක් ඇවිලී යා හැකි බවයි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම ඇමරිකාව අතින් සිදුවූ බරපතලම වැරැද්දක් බව මෙහිදී මෙඩ්විඩෙව් අවධාරණය කළේය. එමගින් සමස්ත ඇමරිකානුවන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බවත්, ඉරානය සිය න්‍යෂ්ටික අවි නිපදවීමේ උත්සාහයන් මෙයින් පසු තෙගුණයකින් වැඩි කරනු ඇති බවත් ඔහු අනාවැකි පළ කළේය. රුසියාවට මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රුසියාවේ න්‍යෂ්ටික ශක්තිය පිළිබඳව ඇමරිකාව තුළ පවතින බිය පමණක් දැනට මොස්කව් නුවර ආරක්ෂා කරන එකම සාධකය වී ඇති බවයි.
















