ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති සැන්ඩිල් එඩ්වින් ශෙල්ක් (H.E Sandile Edwin Schalk) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය 14 වනදා සිදුවිය.
මෙහිදී තානාපතිවරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වු අතර පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් සංචාරක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර මහතා ද දකුණු අප්‍රිකානු තානාපතිවරයාගේ දෙවන ලේකම්වරිය වන Zeni Tshangela මහත්මිය ද මෙම අවස්ථාවට එක් ව සිටියාය.